Wednesday, April 23, 2025
Home » මත්තේගොඩ සාපෙළ සිසුන්ට නොමිලේ ගණිත සම්මන්ත්‍රණ මාලාවක්

මත්තේගොඩ සාපෙළ සිසුන්ට නොමිලේ ගණිත සම්මන්ත්‍රණ මාලාවක්

by sachintha
July 24, 2024 3:04 am 0 comment

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන සිසු දරු දැරියන්ගේ ගණිත විෂය නිර්දේශය ආවරණය කිරීම වෙනුවෙන් නොමිලේ පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය මත්තේගොඩ ශ්‍රී පියරතනාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී ඉකුත් දා පැවැත්වුණි.

මත්තේගොඩ විදුමිණ අධ්‍යාපන ආයතනයේ කළමනාකාර තිලාන් පතිරණ මහතාගේ සංකල්පයකට අනුව 10 සහ 11 ශ්‍රේණි විෂය නිර්දේශයට අදාළ ගණිත ප්‍රශ්න පත්‍ර අනුසාරයෙන් පවත්වන මෙම සම්මන්ත්‍රණ මාලාව ගණිත දේශක ලහිරු කදුරුගමුව මහතා විසින් මෙහෙයවනු ලබයි.

විදුමිණ අධ්‍යාපන ආයතනය සිව්වන වරට සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා මෙවර අනුග්‍රාහක දායකත්වය මත්තේගොඩ අභිමන් සුභසාධක සංගමය ලබා දී තිබේ.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT