Home » අත්තිඩිය ප්‍රධාන මාර්ගයේ අපජලය ගලායන භූගත නළ මාර්ගයේ ගලිය උතුරලා

අත්තිඩිය ප්‍රධාන මාර්ගයේ අපජලය ගලායන භූගත නළ මාර්ගයේ ගලිය උතුරලා

by sachintha
July 24, 2024 3:03 am 0 comment

දෙහිවල, ගාලුපාරෙන් හැරීයන අත්තිඩිය ප්‍රධාන මාර්ගය මැදින් භූගතව යන නළ මාර්ගයේ ගලියක් පාර මැදින් උතුරා ගොස් අපජලය පාර පුරා ගලාගොස් දැඩි දුර්ගන්ධයක් සති ගණනක් පුරාවට පවතින බැවින් වාහන හිමියන් හා මගීන් දැඩි අපහසුතාවලට ලක්වන බවට ජනතාව චෝදනා නගති.

මේ මතින් වාහන ගමන් කිරීමේදී තෙරපෙන ජලය අවට විසිවී ගොස් මගීන්ගේ හා වාහන හිමියන්ගේ වාහනවලටත් වීසිවි දුර්ගන්ධය හමන බවටත් කියා සිටින මඟින් මේ පිළිබඳව වගකිවයුතු ආයතන කඩිනමින් අවධානය යොමුකර එම නළ මාර්ගය සුද්ධ පවිත්‍ර කර දෙන මෙන් ජනතාව ඉල්ලා සිටීති.

දෙහිවල – ඩී.පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT