සීතාවක ප්‍රාදේශීය සභාවේ සේවක පිරිස් විසින් මීපේ නගරය පිරිසිදු කර කසළ ඉවත් කිරීමේ කටයුතු කරනු ලැබුවත් දින කිහිපයක සිට එම කාර්යය විධිමත්ව සිදු නොවීම නිසා, වෙළෙඳසල්වලින් ඉවත දමන කසළ එම වෙළෙඳසල් අසලත්, තැන තැන ගොඩ ගැසී ඇති බව නගරයේ වෙළෙඳ ප්‍රජාව පවසති.
මීපේ නගරයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පොදු වැසිකිළියක් සකස් කර ඇතත්, එම වැසිකිළියට ප්‍රවේශ වන මාර්ගය වල්බිහිවී, ඒ අසල ඇති යකඩ වැට කඩා වැටී මාර්ගය අවහිරවී සති ගණනාවක් ගතවී ඇතත්, එම අවහිරවූ යකඩ වැට ඉවත් කිරීමට කිසිදු වගකිවයුතු අංශයක අවධානය යොමු නොවීම විමතියට කරුණක් බව බස් රථ රියදුරෝ පවසා සිටිති. මෙම ස්ථානයේ පොදු වැසිකිළියක් ඇති බවට පුවරුවක් ප්‍රදර්ශනය කර ඇතත්, සමහර අවස්ථාවල රාත්‍රි කාලයේ පුද්ගලයින් තම ශාරීරික අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා මෙම පොදු වැසිකිළියට යෑමට උත්සහ ගත්තත්, එම ස්ථානයේ පවතින ගන අඳුර සහ අවදානම් තත්ත්වය මත බොහෝ දෙනකු එම ස්ථානයට යෑම ප්‍රතික්ෂේප කරයි.
මෙවැනි ස්ථාන සීතාවක ප්‍රාදේශීය සභාව විසින් නඩත්තු කළ යුතු බවත්, ඔවුන්ගේ එම නිහැඬියාව කුමන යටි අරමුණක් ඇතිව දැයි සිතාගැනීම ඉතාමත් අපහසුවී තිබෙන බව ඔවුහු පවසති.
සීතාවක ප්‍රාදේශීය සභාව විසින් නගරය පිරිසුදු කර කසළ එකතුකර රැගෙන යෑම සිදුකරනු ලබයි. නමුත් එම කාර්යය සීතාවක ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු විසින් දිනපතා පෙරවරු කාලයේ සිදු කරනු ලැබුවත්, කුමන හෝ හේතුවක් මත එම සේවක මහතාගේ නොපැමිණීම නිසා දින කීපයක් නගරය පිරිසිදු කිරීමේ කාර්යය සිදු නොවී කසළ ඉවත් කිරීමද සිදු නොවී තිබූ අයුරු (23) දින දැක ගත හැකි විය.
පාදුක්ක උප කාර්යාලයට අනුයුක්ත සේවක පිරිස් විසින් පාදුක්ක නගරය, ගලගෙදර හන්දිය සහ මීපේ නගරය පිරිසිදු කර කසළ රැගෙන යාම සිදු කරනු ලබයි.
නමුත් මෙම සේවාව සෞඛ්‍ය කම්කරුවන් විසින් ඉටු කරනු ලැබුවත්, එම සේවාව ඉටුකිරීමට ප්‍රමාණවත් සේවක පිරිසක් ක්ෂේත්‍රයේ නොමැති වීම නිසා අඩු සේවක පිරිසකින් මෙම කාර්ය ඉටු කිරීමට සිදුවීම නිසා තමන් දැඩි වෙහෙසට පත්වන බව බොහෝ සේවකයෝ පවසති.
බලප්‍රදේශයේ මෙම සේවාව ඉටුකිරීම සඳහා බඳවා ගැනීම පරිපාටිය අනුව සේවකයින් 15ක් පමණ සේවයට බඳවාගෙන ඇතත්, මෙම තනතුරු දරන පුද්ගලයින්ගෙන් කොටසක් කාර්යාලවල රඳවාගෙන සිටීම නිසා ක්ෂේත්‍රයේ සේවා කටයුතු සේවකයින් 6 – 8 වැනි සුළු පිරිසකින් ඉටු කිරීමට නිසා, දිනපතා තමන් දැඩි විඩාවට පත්ව ඇතැයි ඔහු පවසති.
පාදුක්ක නගරයේ සෙනසුරාදා සහ අඟහරුවාදා දිනවල සතිපොළවල් පැවැත්වෙන අතර, එම පොළවල්වල එකතුවන කසළ පසුදා ඉරිදා සහ බදාදා යන දිනවල ඉවත් කිරීමත්, ඒ අතරවාරයේ සති අන්තයේ දිනවල බලප්‍රදේශයේ අතුරු මාර්ගවල කසළ එකතු කිරීමත්, අදාළ නගරවල පිරිසිදු කිරීමේ කටයුතුත් සිදුකළ යුතුව ඇතැයි ඔහු පවසති.
මිනිසකු වශයෙන් ඉපදී රැකියාවක් කර ජීවත්වීමේ අයිතිය සැමට ඇතත්, එය දැඩි වෙහෙසකාරී ලෙස ඉටුකර ඇතිවන විඩාව නිවා ගැනීම සඳහා පසු දින සේවයට නොපැමිණිය හොත්, නොදන්වා සේවයට නොපැමිණි බව පවසා එම දිනයේ වැටුප් කැපීමක් සිදු කරන බව සේවක පිරිස් පවසති.
මීපේ නගරයේ කසළ ඉවත් නොකිරීම සම්බන්ධයෙන් මම සොයා බලන්නම්. සේවකයින් අතර විවිධ අදහස් තියෙනවා. ඔය කියන ප්‍රශ්න ආයතනයක තියෙන ප්‍රශ්න. මම ඒ ගැන සොයා බලන්නම් යැයි එම නිලධාරිනිය පැවසුවාය.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ