Home » සා.පෙළ ප්‍රතිඵල සැප්තැම්බරයේ

සා.පෙළ ප්‍රතිඵල සැප්තැම්බරයේ

by sachintha
July 24, 2024 3:53 am 0 comment

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම්ව සිටින බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. හෝමාගමදී ඊයේ (23) පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. පාසල්වලට අනුයුක්තව සිටි සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බැවින් අධිකරණයට අදාළ ගැසට් පත්‍රය ඉදිරිපත් කර ඊළඟ සතිය වෙනකොට නඩුව අවසන්වීමෙන් පසු එම පත්වීම් ටික ලබා දීමට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට ඇති පුරප්පාඩු සඳහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිලධාරීන් විසි තුන්දාහෙන් හයදාහකට පත්වීම් ලබාදී තිබෙන බැවින් ඉතුරු අය සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා පත්වීම් ලබාදීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ඉතා කෙටි කලකදී ගුරු පුරප්පාඩු සියල්ල පුරවා අවසන් කරන බව ද ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT