Home » ඖෂධ සැපයුම්කරුවන්ට හිඟ කෝටි 400ක් මේ මාසයේ ගෙවනවා

ඖෂධ සැපයුම්කරුවන්ට හිඟ කෝටි 400ක් මේ මාසයේ ගෙවනවා

by sachintha
July 24, 2024 3:51 am 0 comment

ඖෂධ සැපයුම්කරුවන්ට දින 90ට වැඩි ගෙවීම් රුපියල් බිලියන 4ක් (කෝටි 400) පමණ පවතින අතර එය මේ මස තුළ ගෙවා අවසන් කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ්

පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී

ඊයේ (23) පැවැසීය. ඖෂධ සැපයීම්වලට බාධාවක් නොවන ලෙස හිඟ මුදල් ඔවුන්ට ගෙවීම සිදු කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවීම් සිදු කර නැති නිසා ඖෂධ සැපයීමේදී බාධා ඇතිවේද යන්න සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

අත්‍යවශ්‍ය ඖෂධ 850ක් ප්‍රසම්පාදනය කරන බවත් ඉන් 19ක් හිඟ අතර ඒවා ලබා ගැනීමට දේශීය වශයෙන් මිල දී ගැනීම් සිදු කරන බවත් ඇමැතිවරයා කීය. ඉතිහාසයේ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 180ක මුදලක් මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට වෙන් කර ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT