Home » අගමැති පදවි ප්‍රාප්තියේ දෙවසර සපිරුමට පිරිත් පින්කමක්

අගමැති පදවි ප්‍රාප්තියේ දෙවසර සපිරුමට පිරිත් පින්කමක්

by sachintha
July 24, 2024 3:39 am 0 comment

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් ආශීර්වාද පිරිත් සජ්ඣායනයක් අගමැති කාර්යාලයේදී පෙරේදා (22) පැවැත්වුණු අයුරු. ශ්‍රී ලංකා අමරපුර නිකායේ ධර්මරක්ෂිත පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්ඩිත වටගෙදර විමලබුද්ධි හිමි, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත දෙමළුස්සය මේධංකර හිමි, බොරැල්ලේ අතුල හිමි, කිරුළපන පුෂ්පාරාමාධිපති ඇල්කඩුවේ නාගිත හිමි ඇතුළු මහා සංඝරත්නය මෙහිදී පිරිත් සජ්ඣායනය කර අගමැතිවරයාට ආශීර්වාද කළහ. ඉන් පසුව අගමැතිවරයා පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති හා අධ්‍යක්ෂ, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය වැලමිටියාවේ ඤාණරතන නාහිමි ඇතුළු මහාසංඝරත්නය බැහැදැක, ආගමික වතාවත්වල යෙදුණේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT