Home » දක්ෂිණ අධිවේගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගයේ අනතුරක්

by chanaka
July 24, 2024 9:59 am 0 comment

දක්ෂිණ අධිවේගයේ අද (24) අලුයම සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධිවේගී මාර්ගයේ 174.2 ආර් ස්ථානයේ දී මත්තල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වූ තවත් ලොරියක පිටුපසින් ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් පිටුපස ලොරි රථයේ රියදුරු, රිය සහායක සහ ඉදිරියෙන් ධාවනය කළ ලොරියේ රිය සහායකයා තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී පිටුපස ලොරියේ රිය සහායකයා මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි හල්ගහඔය, නුවරඑළියේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැනපත් කර ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස මුරපොළ වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT