Wednesday, April 23, 2025
Home » ප්‍රවීණ මාධ්‍යවේදි සහ භාෂා පරිවර්තක ටී.ජයකුමාර් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදි සහ භාෂා පරිවර්තක ටී.ජයකුමාර් අභාවප්‍රාප්ත වෙයි

by sachintha
July 23, 2024 12:55 am 0 comment

ප්‍රවීණ මාධ්‍යවේදියකු, නීති ග්‍රන්ථ කතුවරයකු මෙන්ම දිවුරුම් දුන් භාෂා පරිවර්තකයකු වූ ටී.ජයකුමාර් මහතා (63) අභාවප්‍රාප්ත විය. ජයකුමාර් මහතා දිනමිණ හිටපු ප්‍රවෘත්ති කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ටී.චන්ද්‍රසේකර මහතාගේ වැඩිමහල් සොහොයුරායි.

ලේක්හවුස් ආයතනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ටී.ජයකුමාර් මහතා, සිරස මාධ්‍ය ජාලයේ අධිකරණ වාර්තාකරු ලෙස ද ඉරිදා පෙරමුණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ලෙසද කටයුතු කර ඇත. ඒ මහතා කම්කරු විනිශ්චය සභාවේ සහ කොළඹ මහාධිකරණයේ භාෂා පරිවර්තක ලෙස ද කටයුතු කර තිබේ.

කොළඹ අලුත්කඩේ පිහිටි ජේකේ දිවුරුම් දුන් භාෂා පරිවර්තන සේවා ආයතනයේ නිර්මාතෘවරයා ද වන අතර ඔහු භාෂා හතක් පරිවර්තනය කිරීමේ සුදුසුකම් ලද අයෙකි.

බදුල්ල කම්කරු විනිශ්චය සභාවේ සේවය කරන කාලයේදී බදුල්ලට විවිධ අවශ්‍යතාවන් සඳහා පැමිණෙන මාධ්‍යවේදීන්ට උදව් උපකාර කළ ඔහු ප්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ අයෙකි.දේහය මහජන ගෞරවය පිණිස පිළියන්දල කුඩමාදුව අංක 240 දරන ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු (24) බදාදා කුඩමාදුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

ඩී.එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT