ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී කඩුලු 10ක ජයක් හිමිකර කරනීමට ගාල්ල මහින්ද විදුහල සමත් විය. ගාල්ල විද්‍යාලෝක විදුහලට එරෙහිව පැවති එම තරගයේදී දක්ෂ පන්දු යැවීමක නිරතවූ මහින්ද විදුහලේ කවීෂ ගිත්මල් ලකුණු 2කට කඩුලු 4ක් සහ නිහිඳු සේසිත ලකුණු 7කට කඩුලු 4ක් බැගින් දවාලූහ.
ගාල්ල විද්‍යාලෝක – 39 (ඕවර 26) (කවීෂ ගිත්මල් 2/4, නිහිඳු සේසිත 7/4)
ගාල්ල මහින්ද – 40/0 (ඕවර 3)
මාරිස්ටෙලා ලකුණු 45ක ජය ලබයි
මීගමුව මාරිස්ටෙලා – 172 (ඕවර 30.4) අමීෂ ප්‍රනාන්දු 80, මොහොමඩ් ෂමාස් 24 (අවංක යොහාන් 24/4, සුනේෂ් නිම්ෂාන් 22/2, හසිත ලක්ෂාන් 32/2).
තක්ෂිලාවට කඩුලු 6ක ජයක්
කළුතර තිස්ස – 130 (ඕවර 40.4) සිතුම් මිහිරංග 57, අශේන් ඉෂාර 23 (වසත් මතීෂ 41/3, රශාන් දීමන්ත 21/2)
හොරණ තක්ෂිලා – 132/4 (ඕවර 34.3) රශාන් දීමන්ත නොදැවී 50, කුෂාන් තීක්ෂණ නොදැවී 20 (චමිඳු ලක්ෂාන් 9/2)
ඉෂානි යද්දෙහි