කොළඹ – සිටි ලීග් අභියෝගතා පාපන්දු ශූරතාවලියේ පෙරේදා පැවැති චැලෙන්ජර්ස් – රත්නම් අතර පළමු තරගය ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවට පත්වූ අතර, රිනවුන් – මාලිගාවත්ත යූත් අතර තරගයෙන් ගෝල් 1-0ක ජයක් රිනවුන් පිලට හිමි විය.
චැලෙන්ජර්ස් – රත්නම් අතර තරගයේ 45 මිනිත්තුවේදී රත්නම් පිලේ දිනුආස් හා 62 වැනි මිනිත්තුවේදී චැලෙන්ජර්ස් පිලේ කේ.එස්.එන්. නිශාන්ත ගෝල් වාර්තා කළහ. රිනවුන් – මාලිගාවත්ත යූත් අතර තරගයේදී රිනවුන් පිලේ කවිඳු ඉෂාන් 23 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.
ලබන සති අන්තයේ 27 වැනිදා පස්වරු 2. 30ට නිව්ස්ටාර් – ඕල්ඩ් බෙනස් අතර තරගය පස්වරු 4.30ට ජාවාලේන් හා සෝන්ඩර්ස් අතර තරගය, 28 වැනිදා පස්වරු 2. 30ට මාලිගාවත්ත යූත් හා රිනවුන්, පස්වරු 4.30ට චැලෙන්ජර්ස් – රත්නම් යන කණ්ඩායම් පිටියට පිවිසෙති.
කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලිය අගෝස්තු 10 දක්වා කොළඹ සිටිලීග් පිටියේදී පැවැත්වීමට තටයුතු යොදා ඇත. තරගාවලියේ ශූරයන්ට රුපියල් මිලියනයක් සහ අනුශූරයන්ට රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක එක්ස්පෝ ප්‍රොපටි ඩිවලොපස් පෞද්ගලික සමාගම කටයුතු යොදා ඇත.
ප්‍රින්ස් ගුණසේකර