Wednesday, April 23, 2025
Home » ශ්‍රී දළදා තේවාව අස්ගිරි මහා විහාර පාර්ශ්වයට

ශ්‍රී දළදා තේවාව අස්ගිරි මහා විහාර පාර්ශ්වයට

by sachintha
July 22, 2024 1:00 am 0 comment

ශ්‍රී දළදා වහන්සේ උදෙසා ශ්‍රී දළදා මාලිගාවේදී දෛනිකව සිදු කෙරෙන තේවා රාජකාරිය මල්වතු මහා විහාර පාර්ශ්වයේ සිට අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙත සාම්ප්‍රදායිකව මාරුවීම ඊයේ (21) පස්වරුවේ සිදු කෙරිණි.

ඒ අනුව ලබන වසරේ ඇසළ පුන් පෝහෝ දිනය දක්වා දළදා තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශ්වය මඟින් සිදු කෙරෙනු ඇත. දළදා තේවා මාරුව සෑම වසරකම ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදුකිරීම සාම්ප්‍රදායික චාරිත්‍රයකි.

මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන යන උභය මහා විහාරීය මහානාහිමිවරුන්ගේ සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මූලිකත්වයෙන් මෙම සාම්ප්‍රදායික තේවා මාරුවට අදාළ චාරිත්‍ර සිදුවිය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙනුවෙන් තේවාව භාර නාහිමි ලෙස අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික, මහියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි පත්විය. තේවා මල්වතු පාර්ශ්වයෙන් අස්ගිරි පාර්ශ්වයට භාරදීමේ අවස්ථාව සඳහා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ද සහභාගි විය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT