Wednesday, April 23, 2025
Home » යාප­නෙන් කත­ර­ගම ගිය බසය පෙරළී වන්දනා නඩ­යම රෝහලේ

යාප­නෙන් කත­ර­ගම ගිය බසය පෙරළී වන්දනා නඩ­යම රෝහලේ

by damith
July 20, 2024 1:02 am 0 comment

ත්‍රිකු­ණා­ම­ලය විශේෂ ඒ.ටි.එම්.ගුණා­නන්ද

යාප­නයේ සිට කත­ර­ගම දක්වා වන්ද­නා­ක­රු­වන් පිරි­සක් රැගෙන යමින් තිබූ බස් රථ­යක් ඊයේ (19) පස්ව­රුවේ මූතූර් පොලිස් සමට අයත් ගෙන්ගේ ප්‍රදේ­ශයේ දී මාර්ග­යෙන් ඉව­තට පැන පෙරැළී යාමෙන් වන්ද­නා­ක­රු­වන් පනස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත­කළ බව මුතූර් පොලි­සිය පව­සයි.

අන­තුර සිදු­වන අව­ස්ථාවේ බස්ර­ථය තුළ වන්ද­නා­ක­රු­වන් 59 දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූ 52ක් මූතූර් රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබ තිබේ. ඉන් 50 දෙනකු සුළු තුවාල ලබා ඇති අතර දෙදෙ­නෙ­කුගේ දෑත් වලට හානි සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි .

බස් රථය රියැ­දු­රුගේ පාල­න­යෙන් ගිලිහි ගොස් මෙම අන­තුර සිදුවී ඇති අතර අධික වේගය අන­තු­රට හේතු වී ඇති බවට පොලි­සිය සැක කරයි .සිද්ධිය සම්බ­න්ධ­යෙන් මූතුර් පොලි­සිය වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT