Wednesday, April 23, 2025
Home » 119 වැනි බන්ධ­නා­ගාර දිනය දා විශිෂ්ට සේවා නිල­ධා­රීන් ඇගැයේ

119 වැනි බන්ධ­නා­ගාර දිනය දා විශිෂ්ට සේවා නිල­ධා­රීන් ඇගැයේ

by damith
July 20, 2024 1:02 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

එක­සිය දහ­නම (119) වැනි අභි­මා­න­වත් බන්ධ­නා­ගාර දිනය සැම­රී­මට සම­ගා­මීව, බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තු­වට විශිෂ්ට සේවා­වක් කළ බන්ධ­නා­ගාර නිල­ධා­රීන් වෙනු­වෙන් සේවා ඇගැ­යීමේ උත්ස­ව­යක් අඟු­ණ­කො­ළ­පැ­ලැස්ස බන්ධ­නා­ගාර ශ්‍රව­ණා­ගා­ර­යේදී පසු­ගිය දා (17) පැවැ­ත්විණි.

අධි­ක­රණ, බන්ධ­නා­ගාර කට­යුතු, ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් ආර්.එස්. හපු­ග­ස්වත්ත මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්වුණු මෙම උත්ස­ව­යේදී අති­රේක ලේක­ම්ව­රයා වෙනු­වෙන් අඟු­ණ­කො­ළ­පැ­ලැස්ස බන්ධ­නා­ගාර පරි­ශ්‍ර­යේදී බන්ධ­නා­ගාර හදිසි ප්‍රති­චාර උප­ක්‍ර­මික බළ­කායේ නිල­ධා­රීන් උත්ත­මා­චාර නිල පෙරෙ­ට්ටු­වක් ද පව­ත්වන ලදි.

බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුවේ රාජ­කා­රියේ යෙදී සිටි­යදී ජාතික හා ජාත්‍ය­න්තර මට්ට­මින් දක්ෂතා දක්වා රාජ්‍ය සේව­ය­ටත්, බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තු­ව­ටත් ගෞර­වා­න්විත කීර්ති­යක් අත්ක­ර­දීම වෙනු­වෙන් බන්ධ­නා­ගාර නිල­ධා­රි­න්හට බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් තුෂාර උපු­ල්දෙ­ණිය මහ­තාගේ සුර­තින් සහ­තික පත්‍ර හා සම්මාන ප්‍රදා­නය සිදු විය. පිලි­පී­නයේ පැවති ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී රන් පද­ක්කම් 02ක් සහ ලෝකඩ පද­ක්ක­මක් හිමි­ක­ර­ග­නි­මින් මව්බිම රනින් සරසා බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තු­වට ගෞර­වා­න්විත කීර්ති­යක් ලබා දුන් විශ්‍රා­මික බන්ධ­නා­ගාර නිල­ධා­රිනී අකිලා තරු­නා­යගී මහ­ත්මිය විශේෂ ඇගැ­යී­ම­කට ලක්ක­ර­මින් සම්මාන ප්‍රදා­නය කෙරිණි.

බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව ඉදි­රි­පත් කළ ලලිත සිර සර I හා II ප්‍රසංග සඳහා ගාය­නය, වාද­නය හා නර්තන කුස­ල­තා­ව­ය­න්ගෙන් දායක වූ නිල­ධා­රීන්ගේ සේවා ඇගැ­යීම් සිදු කර­මින්, ඔවුන්ට සහ­තික පත්‍ර ලබා­දීම ප්‍රවීණ සංගී­ත­වේදී කීර්ති පැස්කු­වෙල් මහතා වෙතින් සිදු කෙරිණි.

බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේන්තු‍වේ ඉදිරි අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් විශේෂ වූ කාර්ය­භා­ර­යක් සිදු කළ නිල­ධා­රීන් වෙනු­වෙන් අමා­ත්‍යාං­ශයේ සම්බ­න්ධී­ක­රණ ලේක­ම්තුමා, සම්මාන හා සහ­ති­ක­පත්ද ප්‍රදා­නය කරන ලදී. මෙම වි‍ශේෂ අව­ස්ථා­වට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුවේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් රැසක් සහ­භාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT