Wednesday, April 23, 2025
Home » විශ්ව බලයෙන් රෝග සුව කරනවයි කියා මිනිසුන් රවටා මුදල් සෙවූ මත් ජාවාරමා කොටු

විශ්ව බලයෙන් රෝග සුව කරනවයි කියා මිනිසුන් රවටා මුදල් සෙවූ මත් ජාවාරමා කොටු

by mahesh
July 19, 2024 1:00 am 0 comment

ගම්පහ අතිරේක

විශ්ව බලයෙන් රෝග සුව කරන බව පවසමින් පුද්ගලයන් මුළාවට පත්කොට මත් කුඩු ජාවාරම් කිරීම පිණිස මුදල් සොයාගැනීමේ යෙදී සිටි බව කියන පුද්ගලයකු, මත් කුඩු මිලි ග්‍රෑම් 5,300ක් සමඟ අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

සැකකරු ගම්පහ, ඉදිගොල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු පියකු වන බවත්, මොහුගේ බිරිය මොහු හැරදා ගොස් ඇති අතර විශ්ව බලයෙන් රෝග සුව කරන බව පවසමින් තෙල් සාත්තු කොට පුද්ගලයන් මුළාවට පත්කොට මත්කුඩු ජාවාරමේ යෙදීම පිණිස මෙලෙස මුදල් සොයා ගැනීමේ යෙදී සිට ඇති බවත් පොලිසිය කියයි. පුද්ගලයන් මුළාවට පත්කොට මුදල් සොයන අයකු පිළිබඳව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ මොහු සන්තකයෙහි ජාවාරම් කිරීම පිණිස හෙරොයින් මිලිග්‍රෑම් 5,300ක ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කීහ.

මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි, පොලිස් අධිකාරී තිස්ස සේනානායක සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී. ගරුසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකොට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT