ගෝලීය වශයෙන් සිදු වූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සදහන් වන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ සේවාවන්ට බලපාන තුන්වන පාර්ශ්ව සේවා සපයන්නන්ගේ ගෝලීය වශයෙන් සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් ඇතිව තිබෙන බවයි.
එමගින් මගීන්ට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කනගාටුව පළකර සිටී.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් 14:00 පැයට (GMT 08:30) මෙම තාක්ෂණික දෝෂය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබෙන බව ද දැනුම් දෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර සහාය සඳහා කරුණාකර +94 19733 1979 හි ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතිය හැකිය.