Home » සෑම හතර දෙනකුගෙන්ම එක් අයකුට ආඝාත අවදානමක් 

සෑම හතර දෙනකුගෙන්ම එක් අයකුට ආඝාත අවදානමක් 

විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ

by mahesh
July 19, 2024 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

සමාජය තුළ සිටින සෑම හතර දෙනකුගෙන්ම එක් අයකු ජීවිත කාලය තුළදී ආඝාත රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවක් පවතින බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා පැවසීය. ආඝාත රෝග ලක්ෂණයක් කිසියම් පුද්ගලයකුට ඇති වුවහොත් පැය හතරහමාරක කාලයක් තුළ රෝහලට රැගෙන යෑමෙන් රෝගයෙන් වළක්වාගත හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ලෝක මස්තිෂ්ක දිනය මේ මස 22 වැනිදාට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඒ මහතා මේ බව පෙරේදා (17) පැවසුවේය.

මුඛය පැත්තට යෑම, අත හෝ කකුලක් පණ නැති වීම, භාෂාව හැසිරවීමේ ප්‍රශ්නයක් ඇති වීම, දෑස් නොපෙනීම යනාදි රෝග ලක්ෂණ ආඝාත රෝගයේ ලක්ෂණ බවත් සිරුරේ සමතුලිතතාව ගිලිහී යෑම ආඝාත රෝගයේදී සිදු විය හැකි අතර මෙම රෝග ලක්ෂණ නිවෙසේදීම හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් ආඝාත රෝගයෙන් පුද්ගලයන් බේරාගත හැකි බවත් ඒ මහතා කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT