Home » එංග­ලන්ත යොවුන් පිල පෙරට යයි

එංග­ලන්ත යොවුන් පිල පෙරට යයි

by Gayan Abeykoon
July 18, 2024 1:00 am 0 comment

සංචා­රක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩා­යම සමඟ චෙල්ට්න්හැ­ම්හිදී පැවැ­ත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තර­ගයේ පළමු ඉනි­මේදී පෙර­මුණ ගැනී­මට එංග­ල­න්තය යොවුන් පිල සමත් විය.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා පිල පළමු ඉනි­මේදී ලකුණු 153කට දැවී ගිය අතර, පිළි­තුරු ඉනිම ක්‍රීඩා කරන එංග­ලන්ත පිල දෙවැනි දිනයේ සවස තේ පානය සඳහා තර­ගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 303ක් රැස් කර තිබුණේ ලකුණු 150ක වාසි­යක් ද හිමි කර ගනි­මිනි.

හම්සා ෂෙයික් ලකුණු 79ක් සහ රොකී ෆ්ලින්ටොෆ් ලකුණු 26ක් රැස් කර­මින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි­යහ. පළමු කඩු­ල්ලට ලකුණු 45ක් එක් කර­මින් ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දුන් ජේඩ්න් ඩෙන්ලි දෙවැනි කඩුල්ල ශ්‍රී ලාංකික සම්භ­ව­යක් සහිත ක්‍රීඩක කේෂණ ෆොන්සේකා සමඟ එක්ව ලකුණු 85ක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟීය. පන්දු 120කදී හතරේ පහර 15ක් සහ හයේ පහ­රක් සමඟ ලකුණු 91ක් රැස් කළ ඩෙන්ලි දැවී යෑමෙන් දෙවැනි කඩුල්ලේ සබ­ඳ­තාව නිමාවූ අතර, අන­තු­රුව කේෂණ නායක හම්ෂා ශෙයික් සමඟ එක්ව තෙවැනි කඩු­ල්ලට ලකුණු 64ක් එක් කළේය. කේෂණ දැවී යන විට පන්දු 120කදී හතරේ පහර 12ක් සහ හයේ පහ­රක් සමඟ ලකුණු 76ක් රැස් කර තිබිණි.

පන්දු යැවී­මේදී දිනුර කළු­ප­හන, විහස් තෙව්මික, මනුජ චන්තුක සහ ප්‍රවීන් මනීෂ කඩුල්ල බැගින් බිඳ දැමූහ.

අද තර­ගයේ තෙවැනි දින­යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT