දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (19) ආරම්භ වන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ තිදෙනෙක් එක් කිරීමට කටයුතු කර තිබේ.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩිකාවෝ 15 දෙනකු ඇතුළත් වන අතර, උදේශිකා ප්‍රබෝධනී, අනුෂ්කා සංජීවනි සහ අචිනි කෞශල්‍යා එක් කර තිබේ.
38 හැවිරිදි උදේශිකා සමඟ 34 හැවිරිදි අනුෂ්කා සහ අචිනි අවසන් වරට පසුගිය මැයි මස ඩුබායිහිදී පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක් වූහ.
ශ්‍රී ලංකා පිල අවසන් වරට සහභාගිවූ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහි විස්සයි20 තරගාවලියට මේ ක්‍රීඩිකාවන් තිදෙනා එක් නොවූ අතර, එම තිදෙනාගේ එක්වීමත් සමඟ කොදෙව් විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කළ සංචිතයේ සිටි රශ්මිකා සෙව්වන්දි, ඉමේෂා දුලානි, කෞෂිනි නුත්‍යංගනා සහ ඕෂදී රණසිංහට ස්ථාන අහිමි වී තිබේ.
මේ තරගාවලියේදී සත්කාරක ශ්‍රී ලංකාව සමඟ බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.
ශ්‍රී ලංකා සංචිතය – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනි, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කෞශල්‍යා, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානි, අමා කාංචනා.