Home » ආසි­යානු කුස­ලා­න­යේදී ශ්‍රී ලංකා පිලට

ආසි­යානු කුස­ලා­න­යේදී ශ්‍රී ලංකා පිලට

ජ්‍යෙෂ්ඨයෝ තිදෙ­නෙක් එක් වෙති

by Gayan Abeykoon
July 18, 2024 1:28 am 0 comment

නිරෝ­ෂාන් ප්රියං­කර

දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී හෙට (19) ආරම්භ වන ආසි­යානු කුස­ලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක්වන ශ්‍රී ලංකා සංචි­ත­යට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩි­කාවෝ තිදෙ­නෙක් එක් කිරී­මට කට­යුතු කර තිබේ.

චමරි අත­ප­ත්තුගේ නාය­ක­ත්ව­යෙන් යුත් මේ සංචි­ත­යට ක්‍රීඩි­කාවෝ 15 දෙනකු ඇතු­ළත් වන අතර, උදේ­ශිකා ප්‍රබෝ­ධනී, අනුෂ්කා සංජී­වනි සහ අචිනි කෞශල්‍යා එක් කර තිබේ.

38 හැවි­රිදි උදේ­ශිකා සමඟ 34 හැවි­රිදි අනුෂ්කා සහ අචිනි අව­සන් වරට පසු­ගිය මැයි මස ඩුබා­යි­හිදී පැවති විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලි­යට එක් වූහ.

ශ්‍රී ලංකා පිල අව­සන් වරට සහ­භා­ගිවූ බට­හිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහි විස්සයි20 තර­ගා­ව­ලි­යට මේ ක්‍රීඩි­කා­වන් තිදෙනා එක් නොවූ අතර, එම තිදෙ­නාගේ එක්වී­මත් සමඟ කොදෙව් විස්සයි20 තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කළ සංචි­තයේ සිටි රශ්මිකා සෙව්වන්දි, ඉමේෂා දුලානි, කෞෂිනි නුත්‍යං­ගනා සහ ඕෂදී රණ­සිං­හට ස්ථාන අහිමි වී තිබේ.

මේ තර­ගා­ව­ලි­යේදී සත්කා­රක ශ්‍රී ලංකාව සමඟ බංග්ලා­දේ­ශය, මැලේ­සි­යාව සහ තායි­ල­න්තය ‘බී’ කාණ්ඩ­යෙන් තරග බිමට පිවි­සෙයි.

ශ්‍රී ලංකා සංචි­තය – චමරි අත­පත්තු (නායි­කාව), විශ්මි ගුණ­රත්න, හර්ෂිතා සම­ර­වි­ක්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජී­වනි, සුග­න්දිකා කුමාරි, උදේ­ශිකා ප්‍රබෝ­ධනී, අචිනි කෞශල්‍යා, ඉනෝෂි ප්‍රිය­ද­ර්ශනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසං­සලා, ශෂිනි ගිම්හානි, අමා කාංචනා.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT