Wednesday, April 23, 2025
Home » මීග­මුව මුහුදේ නාමින් සිටි තරු­ණි­යන්ගේ දේපොළ සොරා­ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවෝ 7කට ඇප

මීග­මුව මුහුදේ නාමින් සිටි තරු­ණි­යන්ගේ දේපොළ සොරා­ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවෝ 7කට ඇප

by Gayan Abeykoon
July 18, 2024 1:00 am 0 comment

රේමන් අපෝන්සු මීග­මුව ඩී. මිහි­ඳු­කුල - කොච්චි­කඩේ

මීග­මුව කුඩා­පා­ඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි තරු­ණි­යන්ට අයත් බව කියන වටිනා ජංගම දුර­ක­තන ඇතුළු දේපොළ සොර­කම් කළේ යැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධ­නා­ගා­ර­ව­ග­තව සිටි සැක­ක­රු­වන් හත්දෙ­නෙකු පෙරේදා (16) දින දැඩි ඇප කොන්දේසි මත මුදා­හැ­රී­මට මීග­මුව ප්‍රධාන මහේ­ස්ත්‍රාත් රඛිත අබේ­සිංහ මහතා නියෝග කළේය. එක් සැක­ක­රු­ව­කුට රුපි­යල් ලක්ෂ පහ (5) බැගින් ශරීර ඇප දෙක බැගින් ලක්ෂ (70) හැත්තෑ­වක ශරීර ඇප නියම කර එක් සැක­ක­රු­ව­කුට එම කාන්තා­වන්ට රුපි­යල් 15000 බැගින් ගෙවන ලෙස ද නියම කරන ලදි. සෑම මාස­ය­කම තුන්වැනි ඉරු­දින මීග­මුව පොලි­සි­යට වාර්තා කරන ලෙස ද සැක­ක­රු­වන්ට වැඩි­දු­ර­ටත් නියම කළේය.

මෙලෙස මුදා­හැ­රී­මට නියෝග ලැබුවේ මීරි­ගම ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන් වූ වයස අවු­රුදු 18-30 අතර තරු­ණ­යන් 7 දෙනෙකි.

මෙම තරු­ණි­යන් තමන්ගේ ජංගම දුර­ක­තන, බැංකු කාඩ්පත්, හැඳු­නු­ම්පත්, තවත් වටිනා ලිය­කි­ය­විලි තම අත්බෑ­ග­වල දමා මුහුදු තීරයේ තබා දිය නාමින් සිටි­යදී මෙම තරු­ණ­යන් විසින් අත්බෑග් සොරා­ගෙන පලා­ගොස් ඇතැයි පැමි­ණිල්ලේ සඳ­හන්ය. අත්බෑග් රැගෙන යන විට පැමි­ණි­ලි­කාර කාන්තා­වන්ගේ කෑගැ­සීම නිසා මුහුදු ආර­ක්ෂක නිල­ධා­රින් ඇතුළු කණ්ඩා­ය­මක් මෙම අය අල්ලා­ගෙන පොලි­සි­යට භාර දී තිබුණි. සැක­ක­රු­වන් වෙනු­වෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරාජ් ජය­මාන්න මහතා පෙනී සිටි අතර, මීග­මුව පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශය පැමි­ණිල්ල මෙහෙ­ය­වන ලදි.

මෙම මස 26 වැනි දිනට නැවත නඩුව කල් තැබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT