Wednesday, April 23, 2025
Home » ගම්පහ දිස්ත්‍රි­ක්කයේ පරි­සර සමාජ ඇරඹේ

ගම්පහ දිස්ත්‍රි­ක්කයේ පරි­සර සමාජ ඇරඹේ

by Gayan Abeykoon
July 18, 2024 1:00 am 0 comment

ගම්පහ අති­රේක

ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස 13 ආව­ර­ණය වන පරිදි හඳු­නා­ගත් පරි­සර වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම සඳහා එක් එක් ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස මට්ට­මින් “ ග්‍රීන් ටීම්” (Green Team) පරි­සර සමාජ 13ක් ලෙස ආරම්භ කර ඇත.

ගම්පහ දිසා­පති ලලින්ද ගමගේ මහ­තාගේ උප­දෙස් හා මඟ­පෙ­න්වීම පරිදි ක්‍රියා­ත්මක වන මෙම වැඩ­ස­ට­හන යටතේ මාසි­කව ඒ ඒ ප්‍රදේ­ශ­වල හඳු­නා­ගත් පරි­සර ගැටලු විස­ඳීම සඳහා පරි­සර වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තය.

මෙම “ග්‍රීන් ටීම්” පරි­සර සමා­ජය ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ව­ලට අනු­බද්ධ නිල­ධා­රින් 20 දෙන­කු­ගෙන් යුක්ත වන අතර, මේ සඳහා පරි­සර සංවි­ධාන, ප්‍රජා සංවි­ධාන, පාසල් නියමු භට කණ්ඩා­යම් ඇතුළු පරි­ස­රය සුරැ­කී­මට උන­න්දු­වක් දක්වන අනෙ­කුත් පාර්ශ්ව සමඟ ඒකා­බ­ද්ධව මෙම වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කරනු ඇත.

මෙම වැඩ­ස­ට­හ­නෙහි ආර­ම්භක වැඩ­ස­ට­හන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරි­ශ්‍රයේ වෙන් කර­ගත් භූමි ප්‍රමා­ණ­යක නාග­රික වන උද්‍යා­න­යක් නිර්මා­ණය කිරීම මෙම මාස­යේදී සිදු කෙරේ. මේ යටතේ පැළ රෝප­ණය කිරීම, වෙරළ පිරි­සිදු කිරීම, ප්ලාස්ටික් හා පොලි­තින් ඉවත් කිරීම, කඩො­ලාන සංර­ක්ෂ­ණය කිරීමේ වැඩ­ස­ට­හන් සෑම මස­කම අව­සන් සිකු­රාදා දින­යේදී සිදු කිරී­මට අපේ­ක්ෂි­තයි.

මාසි­කව ගම්පහ දිස්ත්‍රි­ක්කය ආව­ර­ණය වන පරිදි පරි­සර වැඩ­ස­ට­හන් 13ක් සිදු කිරී­මත්, ඒ සඳහා රාජ්‍ය නිල­ධා­රින්, පාසල් පරි­සර භට කණ්ඩා­යම්, පරි­සර සංවි­ධාන, ප්‍රජා‍ ­සං­වි­ධාන හා පරි­ස­රය පිළි­බඳ උන­න්දු­වක් දක්වන පාර්ශ්ව ඒක­රාශී කර ඒකා­බද්ධ වැඩ­ස­ට­හ­නක් ලෙස ක්‍රියා­ත්මක වීමත් මෙම වැඩ­ස­ට­හ­නෙහි මූලික අර­මුණ වී ඇති බව දිසා­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT