Wednesday, April 23, 2025
Home » පුද්ග­ලික ආය­ත­න­යක චෙක්පොත් හය­කින් ලක්ෂ 97ක් වංචා කිරී­මට සේවි­කා­වට ඇප හිටපු සේව­ක­යෙක් රිමාන්ඩ්

පුද්ග­ලික ආය­ත­න­යක චෙක්පොත් හය­කින් ලක්ෂ 97ක් වංචා කිරී­මට සේවි­කා­වට ඇප හිටපු සේව­ක­යෙක් රිමාන්ඩ්

by Gayan Abeykoon
July 18, 2024 1:00 am 0 comment

මහර සමූහ - ගණිදු රෝචන සම­ර­තුංග

කඩ­වත, මෙඩි­කල් සෙන්ටර් පුද්ග­ලික ආය­ත­න­යෙන් චෙක්පොත් හය­කින් චෙක්පත් 47ක් අස්ථා­න­ගත කර­වා­ගෙන එම චෙක්පත් සඳහා අත්සන් යොදා බැංකු ගත කර රුපි­යල් අනූ­හ­ත්ලක්ෂ හත­ළිස් එක්ද­හස් හාර­සි­යක මුද­ලක් වංචා කිරීම සම්බ­න්ධව සැක­පිට අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ එම ආය­ත­නයේ හිටපු සේව­ක­යකු ජූලි මස 31 වන දින දක්වා රිමාන්ඩ් කිරී­මට නියම කළ මහර අති­රේක මහේ­ස්ත්‍රාත් ජනිතා පෙරේරා මහ­ත්මිය එහි සේවි­කා­වක් රුපි­යල් ලක්ෂ පහ බැගින් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා­හැ­රී­මට 17 වන දින නියම කළාය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් එම ආය­ත­නයේ හිටපු සේව­ක­යකු වන තිත්ත­ප­ත්තර, මහ­ව­ල­වත්ත, මැද කැල්ල ප්‍රදේ­ශයේ පදිංචි ලාල් ප්‍රියන්ත යන අය එසේ රිමාන්ඩ් කිරී­ම­ටත් මීට අම­ත­රව එම ආය­ත­නයේ සේවි­කා­වක් වන කඩ­වත, ඉහළ බිය­න්විල, ජය මාවතේ පදිංචි මධු­ශානි ඉමල්කා අල්විස් නමැ­ත්තිය එසේ ඇප මත මුදා­හැ­රී­ම­ටත් නියම කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT