Wednesday, April 23, 2025
Home » නාහල්ල රේවත විදු­හලේ ශිෂ්‍ය නාය­කයෝ විද්‍යා­ලයේ කැඩී බිඳී තිබූ ඩෙස් පුටු පිළි­ස­කර කරති

නාහල්ල රේවත විදු­හලේ ශිෂ්‍ය නාය­කයෝ විද්‍යා­ලයේ කැඩී බිඳී තිබූ ඩෙස් පුටු පිළි­ස­කර කරති

by Gayan Abeykoon
July 18, 2024 1:00 am 0 comment

අඟු­රු­වා­තොට සමූහ - මංගල ප්රසන්න

 

මදු­රා­වල නාහල්ල රේවත මහා විද්‍යා­ලයේ ශිෂ්‍ය නායක නායි­කාවෝ පසු­ගි­යදා අපූරු සත්කා­රක වැඩ­ස­ට­හ­නක නිරත වූහ. 2024 වර්ෂයේ විද්‍යා­ල­යීය ශිෂ්‍ය නායක පද­ක්කම් පැල­ඳීම පසු­ගි­යදා සිදු­කළ අතර ඔවුන් වෙනු­වෙන් විද්‍යා­ලයේ වෙනම ශිෂ්‍ය­නා­යක කට­යුතු පව­ත්වා­ගෙන යාම සඳහා කාම­ර­යක් නොමැ­ති­වීම බල­වත් අඩු­පා­ඩු­වක් විය.

මෙහිදී ඔවුන්ගේ නෙත ගැටුණේ විද්‍යා­ලයේ පසු­ගිය කාල­සී­මාව තුළ කැඩී බිඳී භාවි­ත­යට නොගත හැකි ඩෙස් පුටු විශාල ප්‍රමා­ණ­යක් එකතු කර තිබූ කාම­ර­යක් වෙතයි.

මෙම කාම­රය ශිෂ්‍ය­නා­යක මණ්ඩ­ල­යට ලබා ගැනීම සඳහා ඔවුන්ගේ සිතට අපූරු යෝජ­නා­වක් පහළ විය.

එනම් මෙම කාම­රයේ පව­තින කැඩි බිඳී ගිය සියලු ඩෙස් පුටු නැවත පිළි­ස­කර කර පාසලේ පන්ති කාම­ර­ව­ලට එකතු කිරීම තුළින් මෙම කාම­රයේ ඉඩ­කඩ තම ප්‍රයෝ­ජ­නය සඳහා ලබා­ගත හැකි බවයි.

ඒ අනුව ඔවුන් මෙම අද­හස වත්මන් විදු­හ­ල්පති චමිල වික්‍ර­ම­රත්න මහතා වෙත දැනුම් දෙන ලදි.

මේ අපූරු යෝජනා පිළි­බඳ වඩාත් සතු­ටට පත් ඒ මහතා ඒ සඳහා නිල අව­ස­රය ලබා දී ඒ සඳහා අවශ්‍ය සහා­යද ලබා­දෙන බව පව­සන ලදි.

ඒ අනුව විද්‍යා­ලයේ සිය­ලුම ශිෂ්‍ය­නා­යක නායි­කාවෝ පුරා දින දෙකක්, තුනක් තුළ මෙම කාම­රයේ කැඩී බිඳී ගිය සිය­ලුම ඩෙස් පුටු එළි­යට ගෙන ඒවායේ තිබූ සියලු පිළි­ස­කර කිරීම් සිදු­කර භාවි­ත­යට ගත හැකි තත්ත්ව­යට පත්ක­රන ලදි.

මෙම කට­යුතු සඳහා හැම­වි­ටම විදු­හ­ල්පති චමින්ද වික්‍ර­ම­රත්න මහ­තාගේ, නියෝජ්‍ය විදු­හ­ල්පති ඔක්ක­ම්පි­ටියේ විජිත හිමි­යන්ගේ සහ යූ.ඩී.අයි. ශර්මිලා මහ­ත්මි­යගේ මඟ­පෙ­න්වීම ලැබූ අතර විද්‍යා­ලයේ ආචාර්ය කුසල් අක­ලංක, ඊ.වී.ඩී.එන්. ධනුෂ්ක සහ එන්.ඒ. කුමාරි මහ­ත්මිය ශිෂ්‍ය නායක නායි­කා­වන් සමඟ එක්ව කට­යුතු කර­මින් මෙම කට­යුතු සිදු කළහ.

වැඩ­ස­ට­හන නිමා­වට පත්වූයේ වසර කිහි­ප­යක සිට එක තැන ගොඩ­ගසා තිබූ කැඩී බිඳී ගිය ඩෙස්පුටු අසූ­වක් භාවි­ත­යට ගත හැකි ඩෙස් පුටු බවට පරි­ව­ර්ත­නය කළ ඒවා පන්ති කාමර සඳහා එක් කිරීම තුළිනි.

මේ පිළි­බඳ අද­හස් දැක්වූ නාහල්ල රේවත විද්‍යා­ලයේ විදු­හ­ල්පති චමිල වික්‍ර­ම­රත්න මහතා පැව­සුයේ,

Òමෙම කට­යුත්ත සිදු­කළ තම ශිෂ්‍ය­නා­යක මණ්ඩ­ලය පිළි­බඳ වඩාත් ආඩ­ම්බ­ර­යක් සහ සෙනෙ­හ­සක් දැනෙන බවයි. සැබැ­වින්ම මෙම කට­යුත්තේ මූල්‍ය­මය වටි­නා­කම රුපි­යල් ලක්ෂ ගණ­නක් වන අතර එය පාස­ලට විශේෂ ඉතිරි කිරී­මක් බවයි.

සිසුන් හත්සී­ය­කට ආසන්න ප්‍රමා­ණ­යක් සිටින මේ පුංචි පාස­ලට ඔවුන් ලබා දුන්නේ සැබැ­වින්ම කදිම ආද­ර්ශ­යක් බවත් වැඩි­දු­ර­ටත් පැව­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT