Home » කළු­ප­හන විදු­හලේ ශිෂ්‍ය නායක නායි­කාවෝ පද­ක්කම් ලබති…

කළු­ප­හන විදු­හලේ ශිෂ්‍ය නායක නායි­කාවෝ පද­ක්කම් ලබති…

by Gayan Abeykoon
July 18, 2024 1:00 am 0 comment

අඟු­රු­වා­තොට සමූහ - මංගල ප්රසන්න

හොරණ අධ්‍යා­පන කලා­පයේ බප/හො/ කළු­ප­හන කනිටු විදු­හලේ ශිෂ්‍ය නායක නායි­කා­වන් සඳහා නිල ලාංඡන පැල­ඳ­වීමේ උත්ස­වය ඉකුත් දා විද්‍යා­ල­යීය ප්‍රධාන ශාලාවේ දී මහත් උත්ක­ර්ෂ­වත්ව පැවැ­ත්විණි.

විදු­හ­ල්ප­තිනි ජීවනී තරංගා හික්ක­ඩුව මහ­ත්මි­යගේ උප­දෙස් සහ මඟ­පෙ­න්වීම අනුව සහ­කාර විදු­හ­ල්පති රවීන්ද්‍ර ඕප­නා­යක මහතා විසින් මෙම උලෙළ සංවි­ධා­නය කරන ලද අතර ජාතික ශිෂ්‍ය­භට බළ­කායේ හිටපු අණ­දෙන නිල­ධාරී කර්නල් උපාලි කඑ­බෝ­විල මහතා මෙම උලෙළේ ප්‍රධාන ආරා­ධිත අමුත්තා විය.

මෙහිදී ප්‍රධාන ශිෂ්‍ය නාය­කයා වශ­යෙන් පී. සමාධි විරෝජ් සත්සර සහ ප්‍රධාන ශිෂ්‍ය නායි­කාව වශ­යෙන් තෙනුරි තමාෂා හපු­තන්ත්‍රි අබි­සෙස් ලැබූ අතර සෙසු ශිෂ්‍ය නායක නායි­කාවෝ 26 දෙනෙකු වෙත නිල ලාංජන පැල­ඳ­වීම සිදු­කෙ­රිණි.

මෙහිදී ජාතික ශිෂ්‍ය­භට බළ­කායේ හිටපු අණ­දෙන නිල­ධාරී කර්නල් උපාලි කළු­බෝ­විල සහ හොරණ ගුරු වෘත්තීය සංව­ර්ධන මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යා­පන සංව­ර්ධන නිල­ධාරී ඉන්දික සංජීව විතාන මහ­ත්වරු ශිෂ්‍ය නාය­ක­ත්වය, නාය­ක­ය­කුගේ වග­කීම් සහ යුතු­කම් පිළි­බ­ඳව දේශන දෙකක් පැවැ­ත්විය.

ගායන, වාදන සහ නර්ත­නාං­ග­ව­ලින් උලෙළ වර්ණ­වත් වූ අතර ශිෂ්‍ය නායක සංස­දය භාර ආචාර්ය ඩබ්.එම්.ටී.එස්. විජේ­සු­න්දර මහ­ත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩ­ලය දෙම­වු­පි­යන් සිසු සිසු­වියෝ විශාල පිරි­සක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT