තණමල්විල පොලිසිය මඟින් සූරියආර උස්ගල ප්රදේශයේ ඉකුත් (16) වෙනිදා සිදුකළ වැටලීමකදී ගංජාහේන් තුනක් සොයා ගෙන ඇත.
පොලිසිය යන විට ගංජා වගාවන් දෙකක අයිතිකරුවන් පලාගොස් ඇති අතර එක් ගංජා වගාවක සැකකරුවෙකු ගංජා ගස් 1,211 සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සූරියආර ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
අනෙක් වගාවන්වල ගංජා ගස් 1623 සහ 315 තිබී ඇති අතර හිමිකරුවන් පලා ගොස් ඇත.
ගංජා වගාවන් පොලිසිය විසින් කපා පුලුස්සා විනාශ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා ගස්වලින් කොටසක් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
තණමල්විල පොලිසියේ උ.පො.ප ගමගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබේ.