නිවිතිගල ප්‍රදේශයේ කාන්තාවක් රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි කාර්යාලයේ අමතකව ගිය රුපියල් ලක්ෂයක මුදලක් නැවත අදාළ කාන්තාවට ලබා දීමට එහි ආරක්ෂක නිළධාරීයා ඇතුළු කාර්යය මණ්ඩලය කටයුතු කර තිබෙයි.
මැණික් බලපත්‍රයක් අළුත් කර ගැනීමට අදාළ කාන්තාව ඊයේ (17) රත්නපුර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පැමිණ තිබෙයි
එහිදී මෙම මුදල මේසය මත ඇය අමතක කර ගොස් තිබිය දී හමුවී තිබෙයි.
මැණික් කර්මාන්තයට අදාළ නීතිමය කටයුතු කර ගැනීම සඳහා දෛනිකව විශාල පිරිසක් පැමිණෙන රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී කාර්යාලය කාර්යබහුල ස්ථානයක් වන අතර, මෙම කාන්තාවද එවැනි කටයුත්තකට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පා ඇත.
මෙම කාර්යාළයේ මේසයක් මත ඇයට අමතක ව ගිය පොලිතින් කවරයක දැමු රුපියල් දහසේ නෝට්ටු වලින් යුත් රුපියල් ලක්ෂයක මුදල් පාර්සලය දුටු ඒ වන විට රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියා වන ඒ.ජී.සුභාස් මදුරංග මහතා එම මුදල් මෙහි අය කැමි වෙත බාර දී ගනන් කරවාගෙන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එච්.පී. කරුණාතිලක මහතාට භාර දීමෙන් අනතුරුවපැය කිහිපයකට පසුව තම නැතිවූ මුදල් සොයා පැමිණි ඉහත කී කාන්තාවගෙ අනන්‍යතාවය තහවුරු කර එම මුදල් බාරදීමට කටයුතු කර ඇත