Home » මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

by yasara
July 18, 2024 11:21 am 0 comment

ශ්‍රී ලංකා නාවික හමුදාව,පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ (17) දිනයේ  ත්‍රිකුණාමලය, අභයපුර මංසන්ධිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) තුන්සිය පනහක (350) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් විය.

නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනය, සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2024 ජුලි මස 17 වන දින ත්‍රිකුණාමලය, අභයපුර මංසන්ධිය ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂාවට ලක් කෙරිණි.

එහිදී එම පුද්ගලයා සන්තකයේ තිබී අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) තුන්සිය පනහක (350) පමණ තොගයක් සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා උප්පුවේලි පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT