86
ශ්‍රී ලංකාවේ පොදු මගී ප්රවාහන සේවා සඳහා විදුලි බස් රථ හඳුන්වා දීමක් අද(18) පෙරවරු 8.00ට බත්තරමුල්ල රන්මඟපාය මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්යාල ශ්රවණාගාරයේදී පැවැත්වේ.
මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතාගේ ප්රධානත්වයෙන් මෙය පැවැත්වෙන අතර වයඹ ප්රවාහන අධිකාරියේ සභාපති ජී.ඩබ්ලිව් ධර්මසිරි, පාලිත රෝහණ, සුසිල් කුමාර මහත්වරු එදිනට සහභාගි වෙති.බස් රථ නිෂ්පාදන සමාගමක චීන නියෝජිතයෝ පිරිසක් මේ වැඩසටහන මෙහෙයවති.