Home » ලෝක සාම­යට රුසි­යා­වට බල කර­න්නැයි අමෙ­රි­කාව ඉන්දි­යා­වෙන් ඉල්ලයි

ලෝක සාම­යට රුසි­යා­වට බල කර­න්නැයි අමෙ­රි­කාව ඉන්දි­යා­වෙන් ඉල්ලයි

by Gayan Abeykoon
July 18, 2024 1:00 am 0 comment

යුක්රේ­නය සමඟ පව­තින ගැටුම් නැවැ­ත්වීම සහ කලා­පයේ තිර­සර සාම­යක් උදා කිරීම සඳහා කට­යුතු කරන ලෙස රුසි­යා­වට බල­පෑම් කිරී­මට ඉන්දි­යා­වට හැකි­යා­වක් ඇතැයි අමෙ­රි­කානු රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ ඉන්දීය, පාකි­ස්තාන හා ජපාන නියෝ­ජිත මාග්‍රට් මැක්ලි­යොඩ් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දි­යා­වට රුසි­යාව සමඟ පව­තින විශේෂ සම්බ­න්ධ­තාව භාවිත කර­මින් යුක්රේන යුද ගැටුම් නැව­ත්වීම සඳහා කට­යුතු කිරීම අමෙ­රි­කාවේ අව­ශ්‍ය­තාව බව ද ඇය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

පසු­ගි­යදා සිදු වූ ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදිගේ රුසි­යානු සංචා­රය සම්බ­න්ධව ප්‍රකා­ශ­යක් නිකුත් කර­මින් අමෙ­රි­කානු රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝ­ජි­ත­ව­රිය එසේ සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 2022දී ඉන්දු­නී­සි­යාවේ බාලි දූපතේ පැවැති ෂැංහායි සහ­යෝ­ගිතා සංවි­ධාන සමු­ළු­වේදී ඉන්දීය අග­මැ­ති­ව­රයා රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් වෙත ප්‍රකාශ කළ ප්‍රකට කිය­මන වන ‘මෙය යුද්ධ කිරීමේ යුග­යක් නොවේ‘ යනු­වෙන් අමෙ­රි­කානු රාජ්‍ය දෙපා­ර්ත­මේන්තු නියෝ­ජි­ත­ව­රිය සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT