යුක්රේනය සමඟ පවතින ගැටුම් නැවැත්වීම සහ කලාපයේ තිරසර සාමයක් උදා කිරීම සඳහා කටයුතු කරන ලෙස රුසියාවට බලපෑම් කිරීමට ඉන්දියාවට හැකියාවක් ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්දීය, පාකිස්තාන හා ජපාන නියෝජිත මාග්‍රට් මැක්ලියොඩ් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවට රුසියාව සමඟ පවතින විශේෂ සම්බන්ධතාව භාවිත කරමින් යුක්රේන යුද ගැටුම් නැවත්වීම සඳහා කටයුතු කිරීම අමෙරිකාවේ අවශ්‍යතාව බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.
පසුගියදා සිදු වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රුසියානු සංචාරය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතවරිය එසේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
වසර 2022දී ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැති ෂැංහායි සහයෝගිතා සංවිධාන සමුළුවේදී ඉන්දීය අගමැතිවරයා රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් වෙත ප්‍රකාශ කළ ප්‍රකට කියමන වන ‘මෙය යුද්ධ කිරීමේ යුගයක් නොවේ‘ යනුවෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතවරිය සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.