Monday, April 21, 2025
Home » තවත් සිසුන් 550කට ජනාධිපති ශිෂ්‍යත්වය පිරිනැමෙයි

තවත් සිසුන් 550කට ජනාධිපති ශිෂ්‍යත්වය පිරිනැමෙයි

by yasara
July 18, 2024 12:50 pm 0 comment

රටේ  දරුපරපුර තුළ   අධ්‍යාපනය  ලැබීමේ නැඹුරුව   ශක්තිමත් කිරීම තුළින්  යහපත් සමාජයක්,  යහපත්   රටක් නිර්මාණය කර ගැනීම   පහසු වන   බව  වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අධ්‍යාපනයේ වටිනාකම  මනාව තේරුම්ගත් නායකයෙක් බවත් එතුමා ආරම්භ කර  තිබෙන  ජනාධිපති  අධ්‍යාපන ශිෂ්‍යත්ව  වැඩ  සටහන  රටේ  අනාගතය සඳහා  ආයෝජනයක් බවත්  වන්නිආරච්චි මහත්මිය  පෙන්වා දෙයි.

අමාත්‍යවරිය  මේ බව කියා සිටියේ  ඊයේ ( 17) ඇඹිලිපිටිය  අධ්‍යාපන කලාපයේ   පාසල්  සිසු දරු දැරියන්  සඳහා  ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදාන  කිරීමේ  උත්සව අවස්ථාවට එක්වෙමිනි.

රත්නපුර දිස්ත්‍රික්කයේ  පාසල්  සිසු දරු දැරියන්  2747 ක් සඳහා  ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය  කිරීම ට  නියමිත අතර  ඒ අනුව  ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ  පමණක් පාසල්  සිසු දරු දැරියන්  550 ක් සඳහා ඊයේ  ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය   කරනු ලැබීය.

මෙම අවස්ථාවට  රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  මුදිතා  සොයිසා  මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම්   වසන්ත ගුණරත්න මහතා ඇතුළු ඇඹිලිපිටිය  අධ්‍යාපන කලාපයේ  පාසල්  විදුහල්පති වරු සහ  ගුරුවරු සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT