මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගර සීමාව හා ඒ අවට ප්‍රදේශයන් වන ශාන්තිපුර ,මාගස්තොට ,පට්ටිපොළ කඳපොළ ඇතුළු ප්‍රදේශ රැසක අධික සුළං සහිත තද වැසි හා ඝන මීදුම් තත්ත්වයක් පවතින බැවින් මාර්ගවල ගමන් කිරීමේදී හා රථ වාහන පැදවීමේ දී ප්‍රවේසම්කාරීව කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය හා නුවරළිය රථවාහන පොලිසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටීයි.
තවද නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයන් සඳහා පැමිණෙන රියදුරන් මෙන්ම අනෙකුත් සියලුම රියදුරන් මීදුම් සහිත ස්ථානවල රථවාහන ගමන් කිරීමේදී එම අවස්ථාවන්ට උචිත ආලෝක සංඥා භාවිතා කරන ලෙසත් ආරක්ෂාකාරී වේගයකින් රථ වාහන යොදවන ලෙසත් නුවරඑළිය රථවාහන පොලිසිය වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
මාර්ගය දෙපස ගස් හා විදුලි රැහැන් කඩාවැටීම් වැනි ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි අවදානම් පවතින බැවින් මහා මාර්ගයන්හි ගමන් කරන පදිකයන් හා පොදු ජනතාවට දැඩි කල්පනාකාරීව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටියි.