Home » ඥානසාර හිමිට ඇප

ඥානසාර හිමිට ඇප

by yasara
July 18, 2024 11:50 am 0 comment

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙලෙස  අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමෙන් ආගමික සමගිය කඩකිරීමේ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කර තිබිණි

පසුගිය මාර්තු මස 28 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඥානසාර හිමියන්ට මෙම සිරදඬුවම නියම කෙරිණි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT