Monday, April 21, 2025
Home » මිළ සහනය ලබා නොදෙන වෙළඳුන් සොයා දවයින පුරා වැටලීම්

මිළ සහනය ලබා නොදෙන වෙළඳුන් සොයා දවයින පුරා වැටලීම්

by yasara
July 18, 2024 8:33 am 0 comment

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙයි.

ඒ අනුව ඉදිරි දිනවල දිවයින පුරා වැටලීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව  එහි සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා සඳහන් කරයි

ඒ අනුව දිවයින පුරා හෝටල්, ආපන ශාලා හා අනෙකුත් වෙළෙඳසැල් අඛණ්ඩව පරීක්ෂා කිරීමටත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් හා මිල ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ අවධානය යොමුකර වැටලීම් සිදුකිරීමට නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT