Home » පොදු පෙර­මුණ ඇතුළු පක්ෂ කිහිප­යක සහාය ඇතිව ජන­පති රනිල් පොදු අපේ­ක්ෂ­ක­යකු ලෙස මෙවර ජන­ප­ති­ව­ර­ණ­යට

පොදු පෙර­මුණ ඇතුළු පක්ෂ කිහිප­යක සහාය ඇතිව ජන­පති රනිල් පොදු අපේ­ක්ෂ­ක­යකු ලෙස මෙවර ජන­ප­ති­ව­ර­ණ­යට

එජාප නියෝජ්‍ය නායක රුවන් විජ­ය­ව­ර්ධන හේනේ­ග­මදී කියයි

by Gayan Abeykoon
July 18, 2024 1:28 am 0 comment

කැල­ණිය - කේ.එස්. හැන්නදි

රට විශාල පරි­හා­නි­ය­කට පත්ව සිටි අව­ස්ථා­වක රට ගොඩ­ගැ­නීමේ අභි­යෝ­ගය තම දෑතට ගත් වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා මෙවර පොදු අපේ­ක්ෂ­ක­යකු ලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන අතර පොදු පෙර­මුණ ඇතුළු පක්ෂ කිහිප­යක් එතු­මාට සහාය දීමට සූදා­නම්ව සිටින්නේ යැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජ­ය­ව­ර්ධන මහතා කිරි­ඳි­වැල, හේනේ­ගම, ඌරු­වල මැති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලය විවෘත කිරී­මට පැමිණි අව­ස්ථා­වේදී පැව­සීය.

රැස්ව සිටි පිරිස ඇමතූ රුවන් විජ­ය­ව­ර්ධන මහතා රට කඩා­වැටී තිබූ යුගය යළි සිහි­පත් කර­මින් මෙසේ ද පැව­සීය.

වර්ත­මාන ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තයා තනි මන්ත්‍රී­ව­ර­යකු ලෙසයි එදා පාර්ලි­මේ­න්තුවේ අසු­න්ගෙන සිටියේ. රටේ වාස­නා­ව­කට එතුමා පාල­නය භාර ගත්තේ වැටුණු තැනින් රට ගොඩ­ග­න්නවා යන ඒකා­යන අර­මු­ණින්. ඒ දව­ස්වල තෙල් නැව් වරා­යෙන් පිට නව­ත්ත­ගෙන හිටියා. අපට ඩොලර් තිබුණෙ නැහැ තෙල් නැව්ව­ලට ගෙවන්න. එතුමා පුද්ග­ලි­කව දන්නා හඳු­නන මේ රටේ ව්‍යාපා­රික ප්‍රජා­වට පෞද්ග­ලික මූල්‍ය ආය­තන හිමි­ක­රු­වන්ට සාක­ච්ඡා­ව­කට ආරා­ධනා කරලා කරුණු පැහැ­දිලි කරලා දීලා ඔවුන් ලබා­දුන් සහාය මත ඩොලර් හොයා­ගෙ­නයි ඒ තෙල් නැව් රට තුළට ගෙනාවේ. එවැනි සාර්ථක ක්‍රම­වේද හා විශාල කැප­වීම් කර­ලයි එතුමා මේ රටේ ආර්ථි­කය වැටුණු තැනින් ගොඩ­ගත්තේ.

ඔබට මතක ඇති පිර­වු­ම්හල් ළඟ දවස් ගණන් පෝලිමේ හිටිය කාලය. එදා ඔබේ ළඟ සල්ලි තිබු­ණත් තෙල් දුන්නේ සීමිත ප්‍රමා­ණ­යක්. අන්ති­මට ආවා කිව්.ආර් ක්‍රම­යක්. එතුමා රට භාර­ගෙන වසර දෙකක් යද්දී මේ සියලු ප්‍රශ්න ජන­තා­වට සහන සැල­සෙන විදි­යට විස­ඳුවා.

ඒ අන්ද­මින් ගොඩ­ගත් රටේ මේ වන විට ඩොලර් බිලි­යන පහයි දශම පහක ඉතු­රු­වක් සහිත භාණ්ඩා­ගා­ර­ය­කට හිමි­කම් කියන්න හැකි­යාව ලැබිලා තියෙ­නවා. රනිල් වික්‍ර­ම­සිංහ මහතා පරි­ණත දේශ­පා­ල‍න­ඥ­යෙක්.

රට ගොඩ­ගත්ත පැහැ­දිලි ආර්ථික ක්‍රම­වේ­දය පිළි­බඳ දන්න එතුමා ස්වාධීන අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කර­නවා. ලංකා­වට වඩා ජාත්‍ය­න්ත­රය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ නාය­ක­ත්වය පිළි­ග­න්නවා. එම පිළි­ගැ­නීම පුදු­ම­ස­හ­ග­තයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT