රට විශාල පරිහානියකට පත්ව සිටි අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය තම දෑතට ගත් වත්මන් ජනාධිපතිවරයා මෙවර පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර පොදු පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එතුමාට සහාය දීමට සූදානම්ව සිටින්නේ යැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කිරිඳිවැල, හේනේගම, ඌරුවල මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී පැවසීය.
රැස්ව සිටි පිරිස ඇමතූ රුවන් විජයවර්ධන මහතා රට කඩාවැටී තිබූ යුගය යළි සිහිපත් කරමින් මෙසේ ද පැවසීය.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා තනි මන්ත්‍රීවරයකු ලෙසයි එදා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටියේ. රටේ වාසනාවකට එතුමා පාලනය භාර ගත්තේ වැටුණු තැනින් රට ගොඩගන්නවා යන ඒකායන අරමුණින්. ඒ දවස්වල තෙල් නැව් වරායෙන් පිට නවත්තගෙන හිටියා. අපට ඩොලර් තිබුණෙ නැහැ තෙල් නැව්වලට ගෙවන්න. එතුමා පුද්ගලිකව දන්නා හඳුනන මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට පෞද්ගලික මූල්‍ය ආයතන හිමිකරුවන්ට සාකච්ඡාවකට ආරාධනා කරලා කරුණු පැහැදිලි කරලා දීලා ඔවුන් ලබාදුන් සහාය මත ඩොලර් හොයාගෙනයි ඒ තෙල් නැව් රට තුළට ගෙනාවේ. එවැනි සාර්ථක ක්‍රමවේද හා විශාල කැපවීම් කරලයි එතුමා මේ රටේ ආර්ථිකය වැටුණු තැනින් ගොඩගත්තේ.
ඔබට මතක ඇති පිරවුම්හල් ළඟ දවස් ගණන් පෝලිමේ හිටිය කාලය. එදා ඔබේ ළඟ සල්ලි තිබුණත් තෙල් දුන්නේ සීමිත ප්‍රමාණයක්. අන්තිමට ආවා කිව්.ආර් ක්‍රමයක්. එතුමා රට භාරගෙන වසර දෙකක් යද්දී මේ සියලු ප්‍රශ්න ජනතාවට සහන සැලසෙන විදියට විසඳුවා.
ඒ අන්දමින් ගොඩගත් රටේ මේ වන විට ඩොලර් බිලියන පහයි දශම පහක ඉතුරුවක් සහිත භාණ්ඩාගාරයකට හිමිකම් කියන්න හැකියාව ලැබිලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා පරිණත දේශපාලනඥයෙක්.
රට ගොඩගත්ත පැහැදිලි ආර්ථික ක්‍රමවේදය පිළිබඳ දන්න එතුමා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනවා. ලංකාවට වඩා ජාත්‍යන්තරය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගන්නවා. එම පිළිගැනීම පුදුමසහගතයි.