Home » කොහු­වල ගුවන් පාලම ජනතා අයි­ති­යට පත්කිරීම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුබ ආරංචියයි

කොහු­වල ගුවන් පාලම ජනතා අයි­ති­යට පත්කිරීම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුබ ආරංචියයි

by Gayan Abeykoon
July 18, 2024 1:00 am 0 comment

කොහු­වල ගුවන් පාලම ජනතා අයි­ති­යට පත්කිරීම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සුබ ආරංචිය බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැවසීය. ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ  රුපි­යල් කෝටි 360ක විය­ද­මින් කොහු­වල මංස­න්ධියේ ඉදි කළ ගුවන් පාලම අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (17) පෙර­ව­රුවේ ජනතා අයි­ති­යට පත් කළ අවස්ථාවේදීය. නව ගුවන් පාලම විවෘත කිරී­මෙන් පසු අග­මැ­ති­ව­රයා ඇතුළු පිරිස එහි පාග­ම­නින් ගමන් කළ අයුරු සේයාරුවේ දැක්වේ. පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ප්‍රේම­නාත් සී. දොළ­වත්ත, යදා­මිණි ගුණ­ව­ර්ධන, හිටපු ඇමැතිනී සුනේත්‍රා රණසිංහ, ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශයේ ලේකම් ඉංජි­නේරු රංජිත් රූබ­සිංහ, මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති චමින්ද අත­ළු­වගේ, මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් ප්‍රියන්ත සූරි­ය­බ­ණ්ඩාර, සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­පති අජිත් නාර­ගල, බෙටො­න­ට්පිටෝ සමා­ගමේ නේවා­සික නියෝ­ජිත කරොලි සින්ගල් මහත්ම මහත්මීන් ඇතුළු පිරි­සක් මෙහි සිටිති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT