Home » ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් පිල මාලදිවයිනේ

ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් පිල මාලදිවයිනේ

by sachintha
July 17, 2024 1:52 am 0 comment

අවුරුදු 20න් පහළ මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම මාලදිවයිනට බලා ඊයේ පිටත්ව ගියේය.

මාලේ නගරයේ සමාජ මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මේ තරගාවලියට සත්කාරක මාලදිවයින සමඟ ශ්‍රී ලංකාව, නේපාලය සහ කිරිගිස්තානය එක්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස චතුරි පූර්ණිමා කටයුතු කරන අතර, සුලක්ෂණා පසිදුනි, පවනි පබසරා, නෙත්මි දිව්‍යාංජලී, නෙත්යා මින්දුලී, විමන්ෂා ප්‍රභානි, පුජා අත්තනායක, හර්ෂනි නිසංසලා, දිල්කි නෙත්සරා, හිමායා පාරින්දි, සෙසාන්දි රුවන්යා සහ වත්ෂිකා දිල්ෂානි කණ්ඩායමට ඇතුළත් වෙති.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අමිල එරංග විජේපාල මහතා කටයුතු කරන අතර, හෂාන් දමිත් (සහාය පුහුණුකරු), ඩබ්.පී.අයි. සමරකෝන් (කළමනාකරු), ඉෂංකා බාලසූරිය (අභ්‍යාසක) සහ ලහිරු දිල්ෂාන් (කණ්ඩායම් විනිසුරු) මහත්ම මහත්මිහුද මේ සංචාරයට එක්ව සිටිති.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල මූලික වටය යටතේ හෙට (18) නේපාලයට එරෙහිව පළමු තරගයට එක්වන අතර, 19 වැනිදා සත්කාරක මාලදිවයිනට ඓරෙහිවත්, 20 වැනිදා කරිගිස්තානයට එරෙහිවත් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි තරගවලට එක් වෙයි.

මේ 22 වැනිදා අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර, 23 වැනිදා අවසන් මහා තරගය සහ තෙවැනි ස්ථානය සඳහා තරගය පැවැත්වීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT