මෝටර් රථ ආඥා පනතේ නීති කඩ කරමින් දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මගී ප්‍රවාහන බලපත්‍ර නොගෙන ධාවනය කරන හා බලපත්‍ර ලබාගෙන නියාමන නීති නොසලකා හරිමින් සිය අභිමතයන් අනුව මගීන්ගෙන් ගාස්තු අය කරන ත්‍රිරෝද රථ හිමියන් අත්අඩංගුවට ගෙන තදින් නීතිය ක්‍රියාත්මක කිරීම මේ මස තෙවැනි සතිය තුළ සිට සිදු කිරිමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් බී.ඇම්.ඒ. රාජකුමාර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් මේ වන විටත් දකුණු පළාතේ සියලුම පොලිස් ස්ථානයන් දැනුම්වත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කීය. මේ වන විටත් මෙම බලපත්‍ර ලබා නොගත් සියලුම ත්‍රිරෝද රථ හිමියන් වහාම මෙම ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය බව පෙන්වා දෙන රාජකුමාර මහතා, ඒ සඳහා සියලු පහසුකම් සලසා ඇතැයි ද කියා සිටියේය. මේ වන විට දකුණු පළාත තුළ ත්‍රිරෝද රථ 5,000ක් පමණ ලියාපදිංචි වී ඇති අතර, ඊට අමතරව විශාල බහුතරයක් ලියාපදිංචියෙන් තොරව ධාවනයහි යෙදෙන බවද කියා සිටියේය. මෙතෙක් ලියාපදිංචි නොවී සිටින ත්‍රිරෝද රථ හිමියන්ට සිය කාර්යාලවලට නොපැමිණ සිය නිවෙසේ සිටම අන්තර්ජාලය හරහා www.sptaxi.lk වෙබ් අඩවියට පිවිස සිය ලියාපදිංචිය ලබා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ