Home » නිවෙස්වලට ගොස් මාරාන්තික රෝගීන්ට ප්‍රතිකාරදීම නැවැත්වීමෙන් මන්නාරමේ ජනතාව පීඩාවට

නිවෙස්වලට ගොස් මාරාන්තික රෝගීන්ට ප්‍රතිකාරදීම නැවැත්වීමෙන් මන්නාරමේ ජනතාව පීඩාවට

by sachintha
July 17, 2024 1:50 am 0 comment

මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් මාරාන්තික රෝගීන් සඳහා නිවෙස්වලට ගොස් ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් පසුගිය 10 වැනිදා සිට නවතා දැමීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

වකුගඩු රෝගය, හෘද රෝගය, පිළිකා රෝගය ඇතුළු මාරාන්තික රෝග පහකින් පෙළෙන රෝගීන්ගේ නාම ලේඛනයක් ලබාගෙන එම රෝගීන්ගේ නිවෙස‍්වලටම ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ සේවාවක් දැනට වසර කිහිපයක් තිස්සේ මන්නාරම තලෙයිමන්නාරම හා පේසාලේ යන පළාත්වල ක්‍රියාත්මක විය. එම ප්‍රදේශවල ජනතාව ඉතා දිළිදු මට්ටමක සිටීමත්, ඔවුන්ට රෝහල කරා පැමිණීමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම අසීරු වී තිබීමත් නිසා ජනතාවට සහනයක් වශයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබිණි.

මෙම වැඩපිළිවෙළ හේතුවෙන් මන්නාරමේ ඉතා දුර බැහැර ප්‍රදේශවල රෝගීන්ට සායන කටයුතුවලට රෝහල කරා යෑමට අවශ්‍යතාවක් නොවූ අතර, ඔවුන්ගේ මාරාන්තික රෝග සඳහා නිවෙසේදීම ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා වී තිබේ.

මුදල් හා වාහන නොමැතිකම හේතුවෙන් එම සහන වැඩසටහන හදිසියේම නවතා දැමීම හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ රෝගීන් 230ක් පමණ දැඩි අසීරුතාවකට පත්ව සිටින අතර, ඔවුන්ගේ ඥාතීන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ මෙම වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT