Home » ගෝනගල මහා විදුහලේ නව සිසු නායකයන්ට පුහුණුවක්

ගෝනගල මහා විදුහලේ නව සිසු නායකයන්ට පුහුණුවක්

by sachintha
July 17, 2024 1:50 am 0 comment

බෙන්තොට ගා /ගෝනගල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ නවක ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් ‘හෙට දකින නායකයෙක්’ මැයෙන් ඉකුත් සෙනසුරාදා (13) දවස පුරා එම විද්‍යාලයේදී පැවැත්විණ.

හතර සහ පහ ශ්‍රේණිවලින් විධිමත් ක්‍රමවේදයක් මඟින් තෝරා ගත් ශිෂ්‍ය නායක නායිකාවන් පනස්දෙනෙක් මෙහිදී පුහුණුව ලැබූහ. මෙහි ප්‍රායෝගික පුහුණු කිරීම් අලව්ව ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ මේජර් අනෝජ් රන්දීර්, ජීවන කුසලතා උපදේශක සමන් විජේවර්ධන යන මහත්වරුන් විසින් සිදු කෙරිණ. විදුහල්පති අනුර රත්නායක මහතා සමඟ ගුරු මණ්ඩලය හා සිසුන්ගේ මවුපියන් මෙම වැඩමුළුව සංවිධානය කොට තිබූ අතර, ඊට සහභාගී වූ සිසු සිසුවියන් පිරිස සහ ශිෂ්‍යාවකට සහතිකපත්‍රයක් ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

බෙන්තොට – එස්. මද්දෙවිතාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT