Home » මිනිස් වාසයකට නුසුදුසු තැනක පවත්වාගෙන ගිය ළමා නිවාසයක් වසා දමයි

මිනිස් වාසයකට නුසුදුසු තැනක පවත්වාගෙන ගිය ළමා නිවාසයක් වසා දමයි

by sachintha
July 17, 2024 1:25 am 0 comment

යාපනය නගරයට ආසන්නව තෙලිප්පලෙයි ප්‍රදේශයේ මිනිස් වාසයකට නුසුදුසු ස්ථානයක පවත්වා ගෙන ගිය ළමා නිවාසයක් පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසුව උතුරු පළාත් ළමා පරිවාස දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම ළමා නිවාසය 15දා වසා දමා ඇත.

එම ළමා නිවාසයේ ළමයින් 12 දෙනෙකු රඳවා ගෙන සිට ඇති අතර ඔවුන්ට ජලය වැසිකිළි පහසුකම් හෝ වෙනත් මූලික පහසුකම් කිසිවක් එම ළමා නිවාසයේ තිබී නොමැත.

දැඩි ලෙස අබලන් වූ එම නිවාසයේ දොර ජනෙල් පවා නිසි ලෙස නොතිබූ බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

මීට පෙර යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයක් හා ළමා නිවාසයක් පිළිබඳව ලද තොරතුරු මත ආණ්ඩුකාරවරිය විසින් ඒවා වසා දැමීමට පියවර ගැනීමෙන් පසුව ළමා පරිවාස දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම ළමා නිවාසය හමු වී තිබේ.

එම ළමා නිවාසය පවත්වාගෙන යාමට නිසි බලපත්‍රයක් හෝ අවසරයක් ද තිබී නොමැත.

ළමා නිවාසය වසා දැමීමෙන් පසුව එම ළමා නිවාසයේ සිටි ළමයින් 12 දෙනා යාපනයේ වෙනත් රජයේ ළමා නිවාස වෙත යොමු කොට එම ස්ථානය පවත්වා ගෙන ගිය පිරිසට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT