Wednesday, April 23, 2025
Home » රටේ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වටා පෙළ ගැසෙමින් සිටිනවා

රටේ ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වටා පෙළ ගැසෙමින් සිටිනවා

-හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

by sachintha
July 17, 2024 1:41 am 0 comment

රට ශක්තිමත්ව ඉදිරියට ගෙන යන නායකත්වය සඳහා ලංකා ඉතිහාසයේ දේශපාලන ගමන් මඟ වෙනස් කරමින් රටේ සියලු ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා පෙළ ගැසෙමින් සිටින බව හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එකම දිනයේ මහනුවර, බදුල්ල සහ දිවුලපිටිය ස්ථාන තුනක එකම වෙලාවේ රැස්වීම් තුනක් සංවිධානය කළ බව පෙන්වා දෙන ඒ මහතා මහා ජන බලවේගයක් ජනාධිපතිතුමා වටා එක්වෙමින් පවතින බවද පෙන්වා දෙයි.

හිටපු අමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) බම්බලපිටිය ලෝරිස් පටුමගේ පැවැති ඒක්ව ජයගමු දේශපාලනික මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්වීය.

රටේ ජනතාවට රට ගැන බලාපොරොත්තු ඇතිවෙලා තියෙනවා. රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් යන බවද හෙතෙම කියා සිටියේය.

දේශපාලන සහ ආර්ථික වශයෙන් කඩා වැටුණේ අරගලේ නිසා. ජනතාවට නැවතත් රට ගැන බලපොරොත්තු ඇති වෙමින් තිබෙනවා. ආණ්ඩුව තීරණය කළා රටේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරිමට පළමු රැස්වීම මහනුවර දෙවන රැස්වීම මාතලේ පැවැත්වූවා. ගම්පහ සහ මාතරත් පසුව රැස්වීම් පැවැත්වූවා. මේ විදියට රජය රැස්වීම් සංවිධානය කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මේ අරගලයන් පසු රට බාරගත්තා. ජනතාවට රට ගැන බලාපොරොත්තු ඇති වෙලා තියෙනවා. රජය දැනුම්වත් කිරීමේ රැස්වීමාලාවක් පටන් ගත්තා මාතරෙන්. පොදු පෙරමුණ කම්කරු කොංග්‍රසය මේ වේදිකාවට ආවා. පසුගිය 14 වනදා රජය ශක්තිමත් කරන්න රැස්වීම් මාලාවක් තිබුණා එක් රැස්වීමක් බෝගම්බර තිබුණා රජයේ ශක්තිමත් කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පමණක් 27 දෙනෙක් ඊට එක් වුණා. ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ දෙකක් තවත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තුනක් එක් වුණා. විශාල ජනතාවක් ඊට එක් වුණා. ඒ වගේම රැස්වීමක් බදුල්ලේ තිබුණා. ඊට පොදුජන පෛරමුණ නියෝජනය කරමින් 13ක් ඒ වේදිකාවට එක් වුණා. දිවුලපිටියෙත් මහා ජනතාවක් එක් වුණා. 14 ඉරිදා රජය වෙනුවෙන් පාර්ශ්ව තුනක් රැස්වීම් තුනක් තියනවා. දේශපාලන ඉතිහාසය අරන් බලන විට එක මතයකට එක් වැඩ පිළිවෙළකට මේ වගේ ජනතාවක් පෙළ ගැහෙනවා අපි දුටුවේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රිවරු 40කට වැඩි පිරිසක් මේ වේදිකා දෙකේ ඉන්නවා. උතුරේ දමිළ පක්ෂ ගණනාවක් සහාය පළ කරමින් මත පළ කර තිබෙනවා. දේශපාලන පක්ෂ ගණනාවක් තම මතය පළ කර තිබෙනවා. මේ රටේ දේශපාලන මතයකට පෙළගැසුණු රැස්වීම් මාලාවක් රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන්න දේශපාලන පක්ෂ රැසක් සහාය පළ කරලා තියෙනවා. තමන්ගේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. ජනතාවට රජය කෙරෙහි විශ්වාසය වැඩිවෙලා තියෙනවා සියයට 24කින්. ආර්ථිකය සම්බ්නධයෙන් සියයට 28න් වැඩි වෙලා තිබෙනවා. ආණ්ඩුව විවේචනය කරපු කණ්ඩායමක දැන් විශ්වාසය ගොඩනැඟිලා තියෙනවා. මොන දේශපාලන පක්ෂයක් ජනාධිපතිවරණය ගැන කතා කළත් වත්මන් ජනාධිපති වික්‍රමසිංහ තමයි ආර්ථිකය ගොඩනැඟුවේ. එතුමා වටේ ගොඩනැඟෙනවා. සජිත් එක්ක එකතු වෙලා සන්ධානයක් ගැහුවා. සජිත් පෙන්නන්න හදනවා පොහොට්ටුව එකතු වුණා කියලා. අවුරුදු එකහමාරට කලින් ගිය අය. සජිත් එක්ක සන්ධාන ගැහුවත් ඔවුන් වටා කවුරුවත් එන්නේ නෑ. මොන දේශපාලන නායකයන් ජනාධිපතිවරණය ගැන කතා කළත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩනැඟූ නිසා පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව සිටිනවා. සජිත් එක්ක පොහොට්ටු‍ෙව ඔක්කෝම ගිහින් එකතු වුණා කියා කියන්න හදනවා. එල්ලාවල චරිත හේරත් ඩලස් අලහප්පෙරුම විපක්ෂයට එක් වුණා. වසර එක හමාරකට කලින් මේ අය එකතු වුණේ. ඩලස් අවුරුදු එක හමාරකට කලින් ගියේ. විවිධ මූණු චරිත පෙන්නලා ගොනු කරන්න හදනවා.

රට භාර දෙන්න පුළුවන් අභියෝග ජයගත්තේ මේ නායකත්වය විතරයි. මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න හැකි රනිල් වික්‍රමසිංහට විතරයි. බදු වැඩි කිරිම පිළිබඳ තීන්දුව අමිහිරියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කිව්වා. ඒක සාර්ථක කරගත්තා. විදුලි බිල අද අඩු කරනන් ඔහුට හැකිවී තිබෙනවා. බුලත්විට කඩයක් කරගන්න බැරි අනුර කුමාරගේ මුදල් ඇමති කවුද ?. එතුමා තමයි මිලඟ අවුරුදු පහ රට භාර ගන්න ඉන්න නායකයා. බස් දුන්නේ කවුද කියා ඇහුවා. තරග පාවා දුන්න කැසිනෝ මුදලාලිලා කී දෙනෙක් බස් දුන්නද පාතාලයේ කී දෙනෙක් බස් දුන්නද කියලා එතුමාට කියන්න වේවි. ආණ්ඩුවට විරුද්ධ වර්ජන අරගල කළා. ඒ අවස්ථාවේ ආණ්ඩුව තීරණය කළ අත්‍යවශ්‍ය සේවාවවක් කරන්න . පහුවෙනිදා සේරම වැඩට ආවා. රන්ජන් ජයලාල් කියලා වර්ජනය කළ සියලු සේවකයන් වැඩට ආවා. ලැජ්ජයි. වැඩ තහනමට ලක් වූ අය ගැන සිතා බලන්න කියනවා. රන්ජන් ජයලාල් අත්සන් කරලා. එහෙම නම් ඇයි වර්ජනය කළේ. නැවත වතාවක් වර්ජනය කරලා අරගල කරන්න බෑ. අනුර කුමාරලා, සජිත් ප්‍රේමදාසලා, මොන කතා කළත් එතුමා ස්වාධීන අපේක්ෂකයා ලෙස පත් වෙනවා. රටේ ජනතාව එතුමා වටේ එක් වෙන එක නවත්වන්න බැහැ. අනුර කුමාරට ජනාධිපතිවරණය දිනන්න බෑ. එහෙම මහපොළොවේ කරන්න බෑ. ඡන්ද ගන්න බෑ. ජනාධිපති සිහින දකින්න පුළුවන් එත් ජනාධිපති වෙන්න බැහැ. අනුර හදන්නේ විපක්ෂ නායක වෙන්න මිසක් ජනාධිපතිවරයා වෙන්න නෙමෙයි. අපි එක්සත් ජාතික පක්ෂයට යන්නේ නෑ. පොදු සන්ධානයකින් ජනාධිපතිතුමා එන්නේ. එතුමා ඉල්ලන්න එක්සත් ජාතික පක්ෂයෙන් නෙමේ. සන්ධානයක් හැටියට. පොදු ජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයා රැකගන්න වැඩ කරගෙන යනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම බුද්ධිමත්. අපි පැජට් පාරේ හැමදාම ඉඳගන්නවා. බැසිල් තමයි සාකච්ඡාව රනිල් එක්ක කරන්නේ. ධම්මික පෙරේරා අපේක්ෂකයෙක් කියලා අපි නම් කරල නෑ. සාකච්ඡා කරලවත් තීරණය කරලවත් නෑ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT