Wednesday, April 23, 2025
Home » මුලතිව් සමූහ මිනී වළේ කැණීම්වලින් තවත් මිනිස් ඇට සැකිලි පහක් හමු වෙයි

මුලතිව් සමූහ මිනී වළේ කැණීම්වලින් තවත් මිනිස් ඇට සැකිලි පහක් හමු වෙයි

by sachintha
July 17, 2024 1:29 am 0 comment

මුලතිව් කොක්කුතුඩුවායී සමුහ මිනී වළේ කැණීම් කටයුතුවලදී තවත් මිනිස් ඇට සැකිලි පහක් පෙරේදා (15) සොයාගෙන තිබේ.

එම මිනිස් ඇට සැකිලිත් සමඟ එම සමූහ මිනි වළෙන් සොයා ගත් සමස්ත මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 52ක් දක්වා ඉහළ ගොස් ඇත.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා විසින් ලබා දුන් නියෝගයකට අනුව සමූහ මිනී වළේ කැණීම් කටයුතු සඳහා ස්කෑන් යන්ත්‍ර හා වෙනත් නවීන උපකරණ භාවිත කිරීමට අනුමැතිය ලැබීමත් සමගම මේ මිනී වළේ මීටර් 250ක් දුරට තවත් මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක් ඇති බව තහවුරු වී තිබේ. එම මිනිස් ඇට සැකිලිවලින් විශාල සංඛ්‍යාවක් අලුතෙන් ඉදි කළ මුලතිව්-කෝකිලායි ප්‍රධාන මාර්ගයට යටින් පිහිටා තිබීම නිසා එම මාර්ගය කඩා කැණීම් කටයුතු ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිතය. මේ තත්ත්වය නිසා මුලතිව්- කෝකිලායි ප්‍රධාන මාර්ගයේ එම කොටස තාවකාලිකව වසා දැමීමට සිදුවන අතර ඒ වෙනුවට වෙනත් විකල්ප මාර්ග කොටසක් තැනීම කෙරෙහි ද අවධානය යොමු වී තිබේ. මෙතෙක් සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් ඇට සැකිලි මුලතිව් අධිකරණයේ ඉතා සුරක්ෂිතව තබා ඇත.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT