ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන”යටතේ 2024 වසර සඳහා ශිෂ්‍යත්ව එක්ලක්ෂ දහසයදහසක් ප්‍රදානය කිරීමට නියමිත බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව අ.පො.ස. උසස් පෙළ හදාරන සිසුන් 6000කට මසකට රුපියල් 6000ක් බැගින් මාස 24ක කාලයක් දක්වා ශිෂ්‍යත්ව ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 824ක් වෙන් කර ඇති අතර, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරන සිසුන් 100,000කට මසකට රුපියල් 3000ක් බැගින් මාස 12ක් දක්වා ශිෂ්‍යත්ව ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 3600ක මුදලක් ද වෙන් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන යටතේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම මේ වන විට දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.
රක්ෂණ ශ්‍රියන්ත