Home » නිවැසියන් අතරමං කළ පූස් පැටියා බඩගමුවේ රිළවියක මවු සෙනෙහස පුදයි

නිවැසියන් අතරමං කළ පූස් පැටියා බඩගමුවේ රිළවියක මවු සෙනෙහස පුදයි

by sachintha
July 17, 2024 1:59 am 0 comment

මානව සංහතිය නිවෙස්වල බළලුන් හා බල්ලන් ඇති කරන නමුත් එම සතුන්ගෙන් බිහිවෙන බලු හා පූස් ගැහැනු පැටවුන් එදා මෙදා තුර මහමඟ අතරමං කර යන අවස්ථා එමටය.

එවන් කිරි බොන වයසේ පසුවෙන පූස් පැටවුන් තිදෙනෙකු කුරුණෑගල බඩගමුව රක්ෂිතයේ දමා ගොස් ඇති අතර, ඉන් එක පැටවෙකුට කිරි පොවමින් රිළවියක තුරුලු කරගෙන ඇති දැඩි කරන සංවේදි දසුනක් අප නෙත ගැටුණි.

මෙම පැටවා ඉන් මුදා ගැනීමට බඩගමුව වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් දින පහක සිට දැඩි උත්සාහයක නියැළෙන නමුත් රිළවිය කිසිවිටෙක පුස් පැටවාට තුරුලෙන් ගිලිහී යෑමට ඉඩ නොදෙන නිසා එම සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇතැයි එම නිලධාරීන් පෙන්වා දුනි.

පොල්පිතිගම – නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT