Thursday, April 24, 2025
Home » උපන් දින සාදය පැවති නිවෙසට කැබ්රථයක් කඩාවැදී සිව්දෙනකුට තුවාල

උපන් දින සාදය පැවති නිවෙසට කැබ්රථයක් කඩාවැදී සිව්දෙනකුට තුවාල

by sachintha
July 17, 2024 1:58 am 0 comment

පරණ කෝන්තරයක් නිසා උරණ වූ අයෙකු තණමල්විල පොලිස් වසමේ කුමාරගම ප්‍රදේශයේ නිවසක පැවති උපන් සාදයකට කැබ්රථයක් ඉකුත් 14 වැනිදා ධාවනය කිරීම හේතුවෙන් නිවසේ සිටි තිදෙනෙකුට සහ කැබ්රථයේ රියැදුරු ලෙස කටයුතු කළ ඔහුට තුවාල සිදුවී ඇත. තණමල්විල ප්‍රදේශයේ සිට ධාවනයවූ කැබ්රථය එකවරම නිවසේ බිත්තිය කඩාගෙන සාදය පැවැත්වූ කාමරයට කඩා වැදී තිබේ.

එහිදී සාදයට සහභාගීවී සිටි තරුණයින් තිදෙනෙකු සහ කැබ්රථයේ රියැදුරු තුවාල ලබා ඇත. තුවාලකරුවන්ගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේත් අනෙක් දෙදෙනා ඇඹිලිපිටිය මූලික රෝහලේත් ප්‍රතිකාර ලබමින් පසුවේ. තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.

 

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT