තායිලන්තයේ බැංකොක් හි සුපිරි හෝටලයක මියගොස් සිටියදී හමුවූ පුද්ගලයින් 6 දෙනාගේම රුධිරයේ සයනයිඩ් මාරාන්තික රසායනිකය පවතින බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මළ සිරුරු සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ මූලික පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මේ බව තහවුරු වී ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස එරට අග්‍රාමාත්‍ය ශ්‍රෙතා තාවීසින් නියෝග කර ඇත.
මිය ගිය පුද්ගලයින් විසින් භාවිත කරන ලද තේ කෝප්පවල සයනයිඩ් අඩංගු බවට අධිකරණ වෛද්‍යවරුන් විසින් මීට පෙර තහවුරු කරගෙන තිබුණි.
මියගොස් සිටියදී හමුවූ සියලුම දෙනා වියට්නාම සම්භවයක් සහිත අයවළුන් වන අතර මෙම මරණ පෞද්ගලික හේතුවක් මත සිදුවන්නට ඇති බවට බලධාරීන් සැක පළ කරයි. ඒ අනුව සියදිවි නසා ගැනීමක් නොව, ඝාතනයක් බවට තහවුරු වී ඇති බවට ද සැක පළ කෙරේ.
මෙම පුද්ගලයින් මිය ගියේ කෙසේ ද යන්න පිළිබඳ තවදුරටත් පොලිස් විමර්ෂන සිදු කරමින් පවතී.
තායිලන්ත බලධාරීන් සදහන් කරනුයේ හෝටල් කාර්ය මණ්ඩලය මෙම මළ සිරුරු සොයා ගන්නා විට පැය 24ක කාලයක් ගත වී ඇත.
එසේම මිය ගිය පිරිස සමඟ සිටි සැකසහිත පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙමින් පවතී. හත් දෙනෙකු නවාතැන් ගැනීමට වෙන් කිරීම් සිදු කර ඇති නමුත්, පැමිණ ඇත්තේ පස් දෙනෙකු පමණි.