Home » කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

by chanaka
July 17, 2024 4:36 pm 0 comment

කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට පිළියම් සැපයීම උදෙසා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් අද (17) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මගින් මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ හංගේරියානු බෙටොනට්පිටෝ සමාගම විසින්ම මෙම ගුවන් පාලම ඉදිකළ අතර එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනය ලෙස ඇක්සස් ඉංජිනේරු සමාගම කටයුතු කරන ලදී.

2021 අගෝස්තු මස 16 වන දින ඉදිකිරීම් ආරම්භ කළ මෙම ගුවන් පාලමේ දිග මීටර් 254 ක් වන අතර පළල මීටර් 9.4 කි.

මේ සඳහා රුපියල් මිලියන 3599 ක් වැය වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT