අම්පාර දිස්ත්‍රික්කයේ රාජකාරි කරන ලද පොලිස් නිලධාරීන් වෙනුවෙන් තෑගි මුදල් බෙදාදීම නැඟෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිසාපති කාර්යාලයේදී පවත්වනු ලැබීය.
එහිදී අම්පාර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 22ක නිලධාරීන් සඳහා එක්කෝටි දහසය ලක්ෂයක මුදලක් පොලිස් තෑගි වශයෙන් පිරිනමනු ලැබීය.
පොතුවිල් පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ඩබ්. අනුරසේකර මහතා හට මාස තුනක් ඇතුළත ඔහු විසින් කරන ලද රාජකාරි සඳහා රුපියල් 2,50000 තෑගි මුදලක් හිමි විය.
මෙම තෑගි මුදල් ලබාදීමේ උත්සවයේදී පොලිස් ස්ථාන 22කින් වැඩිම තෑගි මුදල් ලබාගත් නිලධාරියා වූයේ උප පොලිස් පරීක්ෂක අනුර මහතාය.
නැගෙනහිර පළාතට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කරන සේවාව වෙනුවෙන් ඔහුට උපහාර තිළිණයක් අම්පාර නියොජ්‍ය පොලිස්පති දමයන්ත ශ්‍රි විජය මහතා විසින් පිරිනමනු ලැබිය.
අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි එන්. ජයපත්ම, අම්පාර කොට්ඨාස සහකාර පොලිස් අධිකාරි හේමන්ත සෙනෙවිරත්න, අම්පාර කොට්ඨාස 2 සහකාර පොලිස් අධිකාරි ඉබුනු අෂාර්, අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරි ශාන්ත බණ්ඩාර, කල්මුණේ සහකාර පොලිස් අධිකාරි ලසන්ත බුද්ධික සහ මහඔය සහකාර පොලිස් අධිකාරි සරත් මීඇල්ලගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දිගාමඬුල්ල විශේෂ වසන්ත චන්ද්‍රපාල